Photobucket

Wednesday, December 26, 2012

විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටකළ අයට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි

විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සියලුදෙනාට තිරාතරම නොලබා දැඩි දඬුවම් දිය යුතු බව මහාචාර්ය ප්‍රතිභා මහානාම මහතා අවධාරණය කරයි.

සමස්ත සිසු පරපුරටම බලවත් අසාධාරයක් සිදුකරමින් මේ ක්‍රියාවලිය සිදුකළ වැරදිකරුවන්ට ඇප ලබා දුනහොත් මහජන සාමය කඩවිය හැකි බව පවසන මහාචාර්යවරයා පොලිස් පරීක්ෂණවලින් අනතුරුව නීති අණපනත් තියුණු කර හෝ දඬුවම් ලබාදීමට ක්‍රියා කළ යුතු බවද මහාචාර්යවරයා පවසයි. 

විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, රජය සහ මේ සඳහා කැපවන නිලධාරීන් අපහසුතාවට පත් කරමින් ප්‍රශ්න පත්‍රය පිටකිරීමට සහය දුන්, අනුබල දුන්, කුමන්ත්‍රණය කළ සියලු දෙනාට උපරිම දඬුවම් දීම මඟින් මෙවැනි දේ ඉදිරියට සිදුවීම වළක්වාලීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරන මහාචාර්යවරයා, මේ සම්බන්ධයෙන් අසාධාරණයට පත් සිසුන්ට ලකුණු 19ක් ලබා දෙමින් කටයුතු කිරීම ප්‍රශංසනීය බවත් එය සිසුන්ට ලැබුණු නත්තල් ත්‍යාගයක් බවත් ප්‍රකාශ කළේය.

හතු පිපෙන සේ ඇතිවන පුද්ගලික ටියුෂන් පන්තිවලට හා ඒවායේ උගන්වන ගුරුවරුන්ට දැඩි නීති රීති පැනවිය යුතු බවත් ඒවා නියාමනය කිරීමට රජය කටයුතු කළ යුතු බවත් මහාචාර්යවරයා දිනමිණ සමඟ අවධාරණය කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all