සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදා හේතුවෙන් මියගිය ශ්‍රී ලාංකිකයන්
අනුස්මරණය කෙරෙන ‘ජාතික ආරක්ෂිත දිනය’ අදට (26) යෙදී තිබේ.
‘සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා’ යන්න ප්‍රධාන තේමාව යටතේ සහ ‘දැනුවත් වෙමු දුරලමු
ආපදා’ යන උපතේමාව යටතේ මේ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන අතර
විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් මියගිය සියලු ශ්‍රී ලාංකිකයන් සිහිපත් කිරීම
සඳහා අද දින පෙරවරු 9.25 සිට 9.27 දක්වා නිශ්ශබ්දතායක් සුරැකීමටද නියමිතව
ඇත.
"ජාතික ආරක්ෂිත දිනය" සැමරීමේ ජාතික වැඩසටහන ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ
පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත අතර ඊට සමඟාමීව
දීපව්‍යාප්තව අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල සහාය ඇතිව වැඩසටහන්
රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ආපදා සම්බන්ධයෙන් ජනතාවගේ දැනුවත්භාවය වර්ධනය කිරීම, ආපදා වැළැක්වීම, අවම
කිරීම හා පූර්ව සූදානම කෙරෙහි ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම හා
විශේෂයෙන්ම 2004 වසරේ දෙසැම්බර් 26 දා ඇති වූ සුනාමි වැනි ව්‍යසනයන්ට නිසි
ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් වන මෙය රාජ්‍ය පරිපාලන
හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය හා පොලිස්
දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ක්‍රියාත්මක කරයි.
මෙවර ජාතික ආරක්ෂිත දිනය නිමිත්තෙන් බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්
වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර බදුල්ල දිස්ත්‍රික්කයේ
නායයාම් අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නායයාම් ස්ථාන පරීක්ෂා
කිරීම, ආපදා කළමනාකරණ සැළසුම් සකස් කිරීම, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ
සැළැස්ම යාවත්කාලීන කිරීම, වැසි ජල ටැංකි 100 ක් ඉදිකිරීම, විසිර ජල පද්ධති 05
ක් ප්රදානය කිරීම, ආපදාවට ලක්වූ පවුල් 10 ක් සඳහා සෙවිලි තහඩු බෙදාදීම,
අනාරක්ෂිත විදුලි කණු ඉවත් කිරීම, සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් සඳහා
හැදුනුම්පතක් ලබාදීමට කටයුතු කිරීම ආදිය ඒ අතර වෙයි.
පසුගිය 2006 වසරේ මැයි මස 31 දා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව සෑම
වසරකදීම දෙසැම්බර් මස 26 දා ජාතික ආරක්ෂිත දිනය වශයෙන් ප්‍රකාශයට පත්කළ අතර
එතැන් සිට මේ දක්වා කාලය තුළ ගාල්ල, රත්නපුර, මහනුවර, කුරුණෑගල, යාපනය හා
මඩකළපුව දිස්ත්‍රික්කයන් කේන්ද්‍ර කොටගෙන ජාතික ආරක්ෂිත දිනය සමරන ලදී.
මෙතෙක් දෙසැම්බර් මස 26 දා ජාතික ආරක්ෂිත දිනය වශයෙන් ක්‍රියාත්මක වූ නමුත් එම
දිනය ජාතික සුරක්ෂිත දිනය වශයෙන් නම් කිරීමද අද සිදු කෙරේ.
0 comments:
Post a Comment