මළ සිරුරේ වකුගඩු සහ
අක්‌මාව අතුරුදන්
"මගේ
දුවව රවට්‌ටලා, ඉන්දියාවට අරගෙන ගිහින්, වකුගඩු දෙකයි
අක්‌මාවයි අරගෙන සාහසික ලෙස මරා දමලා. මළ සිරුරත් ගෙදරට
එව්වා." යෑයි අභිරහස් ලෙස මිය ගිය 36 හැවිරිදි ඉනෝකා
දමයන්ති විඡේරත්න මහත්මියගේ පියා වන කෑගල්ල මොළගොඩ මංගලගම
පදිංචි කේ. පී. විඡේරත්න "දිවයින" ට එසේ පැවසීය.
මැඩම් සමග ඉන්දියාවට යනවා යෑයි තම දියණියට පවසා පසුගිය 12 වැනිදා නිවසින් පිටව ගිය ඉනෝකා දමයන්ති විඡේරත්න පසුගිය 17 වැනිදා ඇගේ දියණියට දුරකථන ඇමතුමක් ලබා දුන් බවද කේ. පී. විඡේරත්න මහතා කියයි.
එක් දරු මවක වන තම මිය ගිය දියණිය මැඩම් ලෙස ඇමතූ තැනැත්තියක සමග සමීප ඇසුරක් පැවැත් වූ බවට තොරතුරු ලැබී ඇතැයි ද හෙතෙම පැවසීය.
21 වැනිදා ඇය මිය ගිය බවට දුරකථන ඇමතුමක් ලැබුණු බවත් කටුනායකට ගොස් නාඳුනන කාන්තාවක විසින් රැගෙන එනු ලැබූ තම දියණියගේ මළ සිරුර භාර ගෙන පසුව ඇති වූ සැකයක් නිසා කටුනායක පොලිසියට පැමිණිලි කළ බවත් විඡේරත්න මහතා පැවසීය.
මෘත ශරීරය මීගමුව මහ රෝහලට රැගෙන ගොස් මරණ පරීක්‍ෂණයට යොමු කළ අවස්‌ථාවේ දී වෛද්‍යවරුන් මළ සිරුරේ අක්‌මාව සම්පූර්ණයෙන්ම නොමැති බව පැවසූවා යෑයි ද මිය ගිය තැනැත්තියගේ පියා කියයි.
මේ අතර නිවසේ තිබී හමු වූ ගිවිසුමක ඉනෝකා දමයන්ති විඡේරත්න නමැති තම දියණිය නීතිඥවරයකු ඉදිරිපිට දී තම අක්‌මාවෙන් කොටසක් දෙන බවට පොරොන්දු පත්‍රයක් අත්සන් කළ බවට සඳහනක් ඇති බවත් එම ලියවිල්ලේ දැක්‌වෙන අත්සන ඇගේ නියම අත්සන නොවන බවත් විඡේරත්න මහතා අවධාරණය කළේය.
මැඩම්ගේ සැමියාට අසනීප බැවින් ඔහුගේ සාත්තු සේවය සඳහා ඉන්දියාවට යන බව ඉනෝකා නිවැසියන්ට පවසා ඇති බවද නිතර නිතර මැඩම් හමුවීමට යන බව පවසා නිවසින් පිටව යන බව ද කියන මිය ගිය තැනැත්තියගේ ඥාතීන් "දිවයින" ට පැවසූවේ ඔවුන් කිසිවකු "මැඩම්" යනු කවුදැයි නොහඳුනන බවයි.
තම දියණියගේ මරණය සැක සහිත බවට විඡේරත්න කටුනායක මහතා පොලිසියට පැමිණිලි කර ඇති අතර මීගමුව පොලිසිය මගින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලැබේ.

0 comments:
Post a Comment