ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළපුරුදු පිතිකරු කුමාර් සංගක්කාර මේ දිනවල
පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ ඉදිරි තරගවලට
සහභාගි නොවනු ඇත.
ඔස්ට්‍රේලියාව ට එරෙහිව මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ අවසන් වූ දෙවැනි
ටෙස්ට් ක්‍රිකට් තරගයේ පන්දුව ට පහර දෙමින් සිටියදී වේග පන්දු යවන මිචල් ජොන්සන්
ගේ පන්දුවක් වැදී සංගක්කාර ගේ වම් අතේ දබරැඟිල්ලේ ඇට බිඳ ගිය අතර
ශල්‍යකර්මයක් සිදු කිරීම සඳහා ඔහු ඊයේ සවස රෝහල් ගත කෙරිණි.
මේ අනුව ලබන නව වසරේ ජනවාරි 3 වැනි දින සිඩ්නි හි ආරම්භ වීමට නියමිත තෙවැනි හා
අවසාන ටෙස්ට් තරගයටත් ඉන්පසුව පැවැත්වෙන තරග පහකින් සමන්විත ජාත්‍යන්තර
එක්දින තරගමාලාව හා විස්සයි20 ද්විත්ව තරගමාලාවටද ‘සංගා’ ක්‍රීඩා නොකරනු
ඇත.
සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තුවාළ ලැයිස්තුවට එක්වූයේ සිවුවැන්නා
ලෙසයි. ඊට පෙර, කඩුලු රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන හා වේග පන්දු යවන්නන් වන
චානක වෙලගෙදර හා නුවන් කුලසේකර තුවාල ලැබූහ.
ඒ අනුව සිඩ්නි ටෙස්ට් තරගය සඳහා
වේගපන්දු යවන සුරංග ලක්මාල් සහ පිතිකරු ළහිරු තිරිමාන්න ඔස්ට්‍රේලියාවට
පැමිණීමට නියමිතය. කඩුලු රකින ප්‍රසන්න ජයවර්ධනගේ ආබාධය සුව නොවුවහොත්
කඩුලු රැකීමේ කාර්ය සඳහා දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුලත් වනු ඇත.
දෙවැනි ටෙස්ට් තරගයේදී වෙලගෙදර කලවේ නහරයක ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ
අතර ප්‍රසන්න ජයවර්ධන දකුණතේ මාපටැඟිල්ල ට තුවාළ සිදුව පළමු ඉනිමෙන් පසුව
ක්‍රීඩා නොකළේය.
ප්‍රසන්න තුවාළ ලැබුවේද ජොන්සන් ගේ පන්දුකිනි. කුලසේකර, හොබාට් හි පැවැති පළමු
ටෙස්ට් තරගයේදී පන්දුව වැදී ඉළඇට තුවාළ කරගෙන සිටී.
මේ අනුව ඔස්ට්‍රේලියාව ට පැමිණ සිටින පහළොස් දෙනාගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ
ක්‍රීඩක සංඛ්‍යාව දැන් 11 ට බැස තිබේ.
0 comments:
Post a Comment