27 දා සවස් භාගයේ නොච්චියාගම මොරවක් කන්ද ප්‍රදේශයට
කහ වැස්‌සක් පතිත වීමේ පුවතක් අනාවරණය වෙයි. එම ප්‍රදේශයේ
නිවාස කීපයකම පුද්ගලයන් විසින් මෙම ජලය එක්‌රැස් කරගෙන ඇත.
ඉතා සුපිරිසිදු කහ වර්ණයෙන් යුත් මෙම කහ ජලය භූමිය පුරා
ගලාගොස් ඇත. මේ පිළිබඳව අදහස් දැක්‌වූ මොරවක්‌කන්ද පදිංචි
ආනන්ද යන අය මෙසේ පැවසීය. සාමාන්‍ය වර්ෂාව අතරතුර එකවරම කහ
වැස්‌ස පටන් ගත්තා. විනාඩි කීපයකට පසු නැවත සාමාන්‍ය ලෙස
වහින්න පටන් ගත්තා. ඡායාරූපයේ දැක්‌වෙන්නේ ප්‍රදේශවාසීන් එකතු
කළ එම වර්ෂා ජලයයි.
0 comments:
Post a Comment