ශ්‍රී ලංකාවේ අග විනිසුරු වරියට එරෙහිව ආණ්ඩු පක්ෂයේ
මන්ත්‍රී වරුන් පිරිසක් නගා ඇති දෝෂාභියෝග චෝදනා විභාග කිරීම ස්වාධීන
නිරීක්ෂකයන් හමුවේ සිදු කළ යුතු බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ
ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත.
ඉල්ලීම ගෙන ආ අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ගේ
නීතිඥයන්ගේ මතය වී ඇත්තේ එමගින් දෝෂාභියෝග විභාගයේ පාරදෘශ්‍ය භාවය හා
අපක්ෂපාතීභාවය සහතික කළ හැකි බවයි.
ස්වාධීන ක්‍රමවේදයක්
බීබීසී දෙමළ සේවය තමිලෝසෙයි විසින් කරන ලද
විමසීමකට පිළිතුරු දෙමින් දමිල ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්
අඟහරුවාදා රැස්වූ තේරීම් කාරක සභාවෙන් එවැනි ඉල්ලීමක් කැරුණු බව තහවුරු කර
සිටියේය.
මෙවැනි විභාග පැවැත්වීමේ ස්වාධීන ක්‍රමවේදයක් නොමැති වීම ගැන සම්බන්ධන් මන්ත්‍රී වරයා කනගාටුව පළ කළේය.
ස්වාධීන නිරීක්ෂකයන් කැඳවීම සඳහා වන ඉල්ලීමට
කමිටුවේ ආණ්ඩු පාක්ෂික සාමාජිකයන් විරෝධය පළ කළත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්
සිව් දෙනා ඒ සඳහා එකඟතාව පළ කොට තිබේ.
අග විනිසුරු වරිය පාර්ලිමේන්තුව බලා පිටත්ව යෑමට
පෙර විනිසුරුවරුන් විසින් සාධාරණ, විනිවිද පෙනෙන භාවයෙන් යුතු, අපක්ෂපාතී
හා ස්වභාවික යුක්තියේ මුලධර්ම වලට අනුකූල වන ලෙසින් දෝෂාභියෝග පරීක්ෂණය
පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිපියකින් ඉල්ලා තිබුණි.
ලිඛිත සාක්ෂි
රාජකාරි හා මුල්‍යමය අක්‍රමිකතා සම්බන්ධයෙන් අග
විනිසුරු වරියට එරෙහිව නගා ඇති චෝදනා 14 ඔප්පු කිරීමට ප්‍රමාණවත් ලිඛිත
සාක්ෂි ඉදිරිපත් වී නැති බවට මතු වූ විරෝධය කමිටුවේ සියලු දෙනාම පාහේ
පිළිගත් බවයි කමිටු සාමාජික මන්ත්‍රී වරයකු සංදේශයට ප්‍රකාශ කර සිටියේ.
ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරු වරිය නැවත තේරීම්
කාරක සභාවට කැඳවා ඇති හය වැනිදා අංග සම්පුර්ණ ලිඛිත සාක්ෂි ලබා දීමට පියවර
ගන්නා බව තේරීම් කාරක සභාවේ සභාපති වරයා පවසා ඇති බවද වාර්තා වෙයි.
ඊට පළමු බදාදා දිනයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභිකයන්ගේ සැසියක් පැවැත්වීමට නියමිතයි.
දෝෂාභියෝගයට අදාළ තේරීම් කාරක සභාව හමුවේ පෙනී
සිටිම සඳහා අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෙවැනි වතාවටත්
පාර්ලීමෙන්තුව බලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටත්ව යද්දී බෞද්ධ භික්ෂුන්
වහන්සේලා, කතෝලික හා ක්‍රිස්තියානි පූජක වරුන්, නීතිඥයන් හා මානව හිමිකම්
ක්‍රියාධාරීන් ද ඇතුළු විශාල පිරිසක් ඇයට ආශිර්වාද කිරීමට රැස්ව සිටි අතර
අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතු ලෙස උද්ඝෝෂණය කරමින් ආණ්ඩු පක්ෂයේ
දේශපාලකයන් පෙරටු කොට ගත් තවත් පිරිස් ද මග දෙපස රැස්ව සිටින අයුරු කේ එස්
උදයකුමාර් සංදේශයට වාර්තා කළේය.
බීබීසී වෙබ් අඩවිය ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment