Photobucket

Sunday, December 16, 2012

දියුණු රටවල් පවා පෞද්ගලික අංශ සහය ලබා ගන්නවා

- ඇමැති අමුණුගම

රාජ්‍ය ඒකාධිකාරයක් වශයෙන් පැවැති අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රය මුළු ලෝකය පුරාම පාහේ බල රහිත වී ඇති බවක් අද එය යල් පැන ගිය සංකල්පයක් බවට පත්ව ඇති අතර චීනය, රුසියාව වැනි රටවල් පවා සංවර්ධන කාර්ය භාරයේදී පෞද්ගලික අංශයේ දායකත්වය ඉහළින්ම ලබා ගන්නා බවත් ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කියයි.

දරුවන්ට ඉදිරියට යාමට, රටේ සංවර්ධනයට උරදීමට හා රැකියා ලැබෙන අවස්ථා උදාවන අයුරින් අධ්‍යාපන ක්‍රමය වෙනසකට භාජනය කළ යුතු බව පෙන්වා දෙන අමුණුගම මහතා අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර තරගකාරි අන්දමින් ඉදිරියට ඇදෙන අවස්ථාවක පෞද්ගලික අංශයේ දායකත්වය ඒ සඳහා වැඩියෙන් ලබා ගත යුතු බවත් පැවැසීය.

රජයේ වෑයම ඈත පිටිසර ගම්මානවල ජනතාවගේ දූ දරුවන්ට අනාගත ලෝකය ජය ගතහැකි ආකාරයේ පාඨමාලා හා පුහුණුව වැඩියෙන් ලබා දීම බවද පෙන්වා දුන්නේය.

රටේ අධ්‍යාපන ක්‍රමය සකස් විය යුත්තේ රටේ සංවර්ධනය වේගවත් කිරීම හා රැකියා උත්පාදනයට සරිලන ආකාරයෙන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා දැනට අධ්‍යාපන හා රැකියා අවස්ථා අතර ඇති නොගැලපීම ඉවත් කර රටේ සංවර්ධනය හා බද්ධ වන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බව ද ඒ මහතා පැවැසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all