Photobucket

Saturday, December 22, 2012

"මීනගයා" අලින් දෙදෙනකු බිලි ගනී

කොළඹ සිට මඩකලපුව බලා රාත්‍රී ධාවනය වෙමින් තිබූ ''මීනගයා'' රාත්‍රී දුම්රියේ ගල්ඔය හා මින්නේරිය අතර 228 සැතපුම් කණුව අසලදී  (21 වැනිදා) අලුයම වන අලි රංචුවක්‌ ගැටී ඇති අතර එහිදී වනඅලින් දෙදෙනකු මිය ගොස්‌ තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වනජීවි නිලධාරීහු පවසති.

මින්නේරිය ජාතික වන උයනේ සිට කවුඩුල්ල ජාතික වනෝද්‍යානය දක්‌වා සංක්‍රමණය වෙමින් සිටි විසි දෙනෙකුගෙන් පමණ යුත් වන අලි රංචුවකින් 4 දෙනෙකු මෙලෙස දුම්රියේ ගැටී ඇති අතර මිය ගිය අලින් දෙදෙනා වයස අවුරුදු 10-15 ත් අතර වයසේ පසුවෙන පිරිමි සතුන් බවද වනජීවි අංශ සඳහන් කරයි. තුවාල ලැබූ අලින් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවද වනජීවී අංශ සඳහන් කරයි. එම අනතුරින් දුම්රියේ එන්ජිමටද තරමක්‌ හානි සිදුවී ඇති අතර අතිරේක එන්ජිමක්‌ යොදවා දුම්රිය ධාවනය කර ඇත. කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ නිලධාරීහු අනතුර පිළිබඳ වැඩිපුර පරීක්‍ෂණ සිදු කරති. අලින් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ (21 දා) පැවැත්වීමට නියමිතව තිබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all