යක්‌කලමුල්ල නාවල ප්‍රදේශයේදී මීට දහනව වසරකට පමණ පෙර
ඝාතනය කර වළදමනු ලැබ තිබූ හැත්තෑ දෙහැවිරිදි පුද්ගලයකුගේ
මළ සිරුරේ කොටස් බද්දේගම මහෙස්‌ත්‍රාත් මහින්ද පිණිදිය
මහතා ඉදිරිපිටදී (21) දහවල් ගොඩගනු ලැබිණි.
1993 වර්ෂයේ ජුනි මස 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මෙසේ
ඝාතනය කරනු ලැබ ඇත්තේ කොට්‌ටව නාවල ප්‍රදේශයේ පදිංචිකරුවකු
වන බණ්‌ඩාරිගොඩගේ සිරිසේන (72) නමැති තිදරු පියෙකි.
තම වැඩිමහල් පුත්‍රයා සමග මියගිය අය ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් මෙම පුද්ගලයා ඝාතනය කර ඇති අතර ඉන් පසුව සැකකාර පුත්‍රයා තම පියාගේ මළ සිරුර දෙකඩ කර තම නිවස අසල පිහිටි වැසිකිළි වළකට මළසිරුරෙන් එක් කොටසක් දමා ඉතිරි කොටස තමාගේ මාමා කෙනකු ද සමග එක්‌ව නිවසට කිලෝමීටර් භාගයක් පමණ දුරින් පිහිටි තේ ඉඩමක කාණුවක වළ දමා ඇත.
මේ පිළිබඳ මෙම ඝාතනයෙන් දහනව වසරකට පමණ පසුව පරීක්‍ෂණ ආරම්භ කළ ගාල්ල දිසා විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් මියගිය අයගේ වැඩිමහල් පුතු හා මස්‌සිනා කෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය මෙම අභිරහස් ඝාතනයේ සියලු තොරතුරු අනාවරණය කර ගනිමින් මෙම මියගිය අයගේ සිරුරේ කොටස් ගොඩගනු ලැබුවේ ගාල්ල පොලිස් අපරාධ පර්යේෂණාගාර නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් ගාල්ල කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍යවරුන් වන එල්. එම්. ධම්මි, පී. ඒ. කිරිඇල්ල යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේය.
ගාල්ල ඡේHෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් පද්මසිරි මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල දිසා විශේෂ අපරාධ විමර්ශන අංශාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අයි. ජී. චන්ද්‍රසේන මහතාගේ උපදෙස් පරිදි යක්‌කලමුල්ල පොලිසියේ ස්‌ථානාධිපති සංජීව සෙනවිරත්න මහතාගේ සහාය ඇතිව උප පොලිස් පරීක්‍ෂක ආර්. පී. ඩී. ආර්. පී. රාජපක්‍ෂ, එච්. කේ. එන්. ලක්‌කාන්ත, එම්. ජයතිලක, පො.සැ. සුනිල් පද්මසිරි, (16169) ආරියදාස, (22863) රූපසිංහ, (21632) ඥනපාල, පො.කො. (59028) ප්‍රියන්ත, (22881) තරංග, (53164) සුගත්, (43926) තීක්‍ෂණ ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

0 comments:
Post a Comment