රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට ඉකුත් 3 වැනිදා සහ
පෙරේදා (4 වැනිදා) රාත්‍රි කාලයේ එල්ල වූ මැර ප්‍රහාර
දෙකකින් සිසුන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.
වෙස් මුහුණු පැළඳ කළු රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන පොලු
මුගුරු සහ කඩු කිනිසි රැගෙන පෙරේදා (4 වැනිදා) රාත්‍රි
කාලයේ මිහින්තලේ ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ පුද්ගලික නිවසක
පවත්වාගෙන යන ශිෂ්‍ය නේවාසිකාගාරයකට කඩා වැදී ඇති දොළොස්
දෙනකුට වැඩි මැර පිරිසක් මෙලෙස පහරදී ඇතැයි පොලිසිය
පවසයි.
ප්‍රහාරයෙන් එදින සිසුන් තිදෙනකු තුවාල ලබා ඇත. ඊට පෙර දිනයේද (3 වැනිදා) එල්ල වූ මැර ප්‍රහාරයෙන් තවත් දෙදෙනකු තුවාල ලබා ඇත.
විශ්වවිද්‍යාලයේ පැවැති සාදයක් අවසන් වී නේවාසිකාගාරය බලා යමින් සිටි සිසුන් පිරිසක් පසුපස පැමිණි මැර කණ්ඩායමක් මෙලෙස පහර දී ඇතැයි තුවාල ලැබූවන් මිහින්තලේ පොලිසියට පවසා තිබේ.
මෙලෙස තුවාල ලැබූ පස්දෙනාම කළමනාකරණ පීඨයේ දෙවන සහ තෙවන වසරවල සිසුන් වන අතර ඔවුහු මේ වන විට මිහින්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
සිද්ධිය පිළිබඳ මිහින්තලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

අනුරාධපුර - පර්සි කුරුනේරු
දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment