රන්පවුම්
හතකට වැඩි ප්රමාණයක් සොරකම් කළ ඔඩුසුඩාන් පොලිස් වසමේ මුල්ලාවේලි
ප්රදේශයේ පදිංචි පහලොස් හැවිරිදි බාලවයස්කාර දරුවෙකු ඔඩුසුඩාන් පොලිසිය
මඟින් සැකපිට (05) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර බාල වයස්කරු මීට
දින කිහිපයකට ඉහතදී මුල්ලාවේලි නිවසේ තිබී රන් ආභරණ සොරාගෙන ගොස් සඟවා ගෙන
තිබූ බව මඩුසුඩාන් පොලිසිය පවසයි.
ඔඩුසුඩාන් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පරික්ෂණ සිදු කළ එම පොලිසියේ
බුද්ධි අංශය 15 හැවිරිදි බාලවයස්කාර දරුවා සොකරම් කරගෙන ගොස් සඟවා තිබූ
රුපියල් 4, 29000/- ක් වටිනා පවුම් 7 4/3 බරින් යුතු රන් ආභරණ තොගය සොයා
ගැනීමට සමත් වී ඇත.
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment