Photobucket

Monday, December 31, 2012

ලක්ෂ 5ක කප්පම් ඉල්ලූ දෙදෙනාට වැඩ වරදී

සිය බිරිඳ ඝාතනය කරන බවට තර්ජනය කර විශ්‍රාමික බැංකු කළමනාකරුවකුගෙන් රුපියල් ලක්ෂ 05ක කප්පම් ලබා ගැනීමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙකු මාතරදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඌරුගමුව, දික්වැල්ල ප්‍රදේශයේ විශ්‍රාමික බැංකු කළමනාකරුවකුට දුරකථන මාර්ගයෙන් තර්ජනය කර කප්පම් ගැනීමට තැත් කර ඇති බව පොලිසිය පවසයි. 

මේ පිළිබදව අධිකරණ නියෝග මත දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාංශය සඳහන් කරයි.

සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා හමුවට (30) ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර පරික්ෂණ මාතර පොලිසිය මගින් සිදුකරනු ලබයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all