රටපුරා විවිධ ප්‍රදේශයන්හි පැවැති අයහපත් කාලගුණික තත්ත්වය යහපත් අතරට
හැරෙමින් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ප්‍රදේශ කිහිපයක තත්ත්වය යහපත් අතට හැරීම හේතුවෙන් අවතැන් කඳවුරු වල සිටි
විශාල පිරිසක් තම නිවෙසකරා ගමන් කරමින් සිටින බවද පස්කඳු කඩා වැටීම් හේතුවෙන්
වසා දැමුණු මාර්ග රැසක් යථා තත්ත්වයට පත්කර තිබෙන බවද ආපදා කළමනාකරණ
මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලාල් සරත් කුමාර මහතා දිනමිණ ට පැවසීය.
ඒ අනුව මේ වනවිට අවතැන් කඳවුරු 242 ක් රටපුරා විවිධ ස්ථානයන්හි ස්ථාපිත කර
තිබෙන අතර පවුල් 11,302 ක්ට අයත් 39,191 ක් දෙනෙකු එහි රැඳී සිටින බව සඳහන් කළ ඒ
මහතා මේ දක්වා කාලය තුළ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් 07
දෙනෙකු අතුරුදන් වූ බවද තවත් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලැබූ බවද සඳහන් කළේය.
ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් නිවාස 4,191 ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව
තිබෙන අතර අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 21,705 ක් බවද මේ නිවාස ඉදිකිරීම සහ
ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් රජය මඟින් ආධාර ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.
ගාල්ල, මාතලේ, නුවරඑළිය, මහනුවර, පොළොන්නරුව, අනුරාධපුර, මොණරාගල,
මඩකලපුව, අම්පාර, ත්‍රීකුණාමලය, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක
ප්‍රදේශ රැසකට අධික වැසි තත්ත්වය හේතුවෙන් ජල ගැලීම් හටගත් අතර එහි
ප්‍රතිඵලයක් වශයෙන් පවුල් 101,204 කට අයත් පුද්ගලයෝ 401,988 දෙනෙකු විපතට
පත්වූ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
ඊට අතරමව අධික වැසි තත්ත්වය හේතුවෙන් කලාවැව, රාජාංගනය හා මින්නේරිය වැව්වල
වාන් දොරටු විවෘත කර තිබෙන බව සඳහන් කළ ඒ මහතා පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන්
ප්‍රදේශ කිහිපයක මාර්ග අවහිර වූ බවද මේ වනවිට මාර්ග රැසක් යථා තත්ත්වයට පත්කර
තිබෙන බවද පැවසීය. නුවරඑළිය - වැලිමඩ, ත්‍රිකුණාමලය - මඩකලපුව, පුත්තලම
- වෙරුගල්කුලම, යාපනය - වවුනියාව, පොළොන්නරුව - මඩකළපුව, සෝමාවතිය -
සුංගාවිල මාර්ගයන්ට පස් කඳු කඩාවැටීම සහ ජලයෙන් යටවීම හේතුවෙන් තාවකාලිකව
වසා දැමීමට පියවර ගත් බවද සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. දැදුරු ඔය,
පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය, අනුරාධපුර රාජාංගනය වැව, උඩවලව ජලාශය සහ
කන්තලේ ජලාශයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් වාන් දොරටු විවෘතකළ බවද ඒ ආශ්‍රිත
ප්‍රදේශයන්හි ජනතාව ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ යුතු බවද ආපදා
කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි.
මේ අතර ඒ මහතා සඳහන් කළේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්
ජනතාවට සහන සැලසීමේ කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ආපදා
කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇති බවයි.
0 comments:
Post a Comment