Photobucket

Monday, December 17, 2012

මාතලේ මරණ 5ක්, නිවාස 300ක් ජලයෙන් යටවෙයි

මාතලේට  (17) ඇද හැලුණු මහ වැසි හේතුවෙන්  (17) දහවල් වනවිට පුද්ගල මරණ 05 ක් වාර්තා වී තිබේ. පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි. රත්තොට, වෙලංගහවත්ත, ලෝංවිල්, දික්කුඹුර සහ අලවත්ත ප්‍රදේශවලින් පුද්ගල මරණ වාර්තා වී ඇති අතර බකමූණගල ප්‍රදේශයේ පුද්ගලයෙකු සඳු ග‍‍ගේ සැඩ පහරට අසුවී අතුරුදහන්ව ඇති බව සහන සේවකයෝ කියති. 

17 දා දහවල් වනවිට නිවාස 300 ක් පමණ ජලයෙන් යටවී නිවාස රැසකට හානි සිදුව තිබූ බව මාතලේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. විල්ගමුව, රත්තොට,බකමූණගල,ඔය පහළ, උකුවෙළ, සහ අඹගහ පිහිල්ල ප්‍රදේශවලදී ගංඟා ඇල දොළ පිටාර ගැලීමෙන් නිවාස ජලයෙන් යටව තිබුණි. මාතලේ මහනුවර ඒ 9 මාර්තයේ තැන් කීපයක පස් කඳු කඩා වැටීම් සිදුව මාර්ග අවහිරතා තිබූ අතර පොලිසිය මැදිහත්ව මාර්ග බාධක ඉවත් කෙරුණි. පරගෙඩිඹය පිටාර ගැලීමෙන් ජලයෙක් කොටුවූ නිවාසක පදිංචි කරුවන් උකුවෙළ හමුදාව මැදිහත්ව බේරා ගැනීමට කටයුතු කෙරුණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all