Photobucket

Monday, December 17, 2012

ජනතාවට පිදුරු කවන ජනමාධ්‍ය...

ශ්‍රී ලංකාවේ ජනතාව යනු පහසුවෙන් ඇන්දිය හැකි මෝඩ හරක් රැලක් ලෙසට ජාතික පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය සලකති. 

රටේ ප්‍රධාන දැවෙන අර්බුධ මතු වූ අවස්ථාවලදී මේ ජනමාධ්‍ය හැසිරෙන හැටි දෙනෙත් විවර කොට බලන්න. 

රටේ ප්‍රශ්න ජනතාවගේ අවධානයෙන් ඈත් කිරීම සඳහා මේ ජනමාධ්‍යවේදීන් ඔබලාට පිදුරු කවති. ජනතාවගේ ජිවිතයට බලපාන ප්‍රශ්න මතු වූ විට මර්වින් සිල්වාගේ ගොන්පාට් මාධ්‍යට ප්‍රධාන පුවත් සිරස්තල වේ. 

මේ දවස් වල නම් 2012 ලෝක විනාශය පිලිබඳ  හෑලි , පිටසක්වල ප්‍රහාර, ලංකාවේ තැනින් තැන  අද්භූත එළි පෙනීම , ප්‍රධාන  මාතෘකා වන අතර ජිවන වියදම , දේශපාලකයන් විශාල කුට්ටි හොරකම් කොට රට තවත් හිඟනභාවයට ඇද දැමීම ඒකාධිපති පවුල් වාදය  මාධ්‍ය  වලට වැදගත් නොවේ. 


රටේ ප්‍රශ්න ජනතාවගේ අවධානයෙන් ඈත් කිරීම සඳහා මේ රටේ ප්‍රධාන ධාරාවේ  ජනමාධ්‍යවේදීන් සිදු කරන නරුම කාර්ය සඳහා ඔවුන්ට නිවස නය, ලැප්ටොප් , වාහන නය වැනි ටොපි පාලකයන් විසින් වරින්වර විසි කරනු ලැබේ. මේවා අහුලාගෙන කන  මේ හිඟන්නන් ජනතාව හමුවට  එන්නේ දැවැන්ත ප්‍රතිරුප වශයෙනි. 

නමුත් මොවුන් අසුචි බුදින සූකරයන් රැලක් මිසක් ජනමාධ්‍යකරුවන් නම් නොවේ. සමාජ අර්බුධ විනිවිද දුටු  සමාජ අසාධාරණයන් පිළිබඳව ජනතාව දැනුවත් කල ඇත්ත පත්තරේ  සිරා වැනි ජනමාධ්‍යකරුවන් හමුවේ මොවුන්  බහුරූ කොලම් කරුවන් පිරිසකි. 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all