Photobucket

Monday, December 24, 2012

සරසවි ආචාර්ය වැටුප 30%කින් ඉහළට

සරසවි ආචාර්යවරුන්ගේ වැටුප 30% දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කරයි.

ඒ අනුව සරසවි ආචාර්යවරුන්ගේ පර්යේෂණ සහ අධ්‍යයන දීමනාව සියයට 25 සිට සියයට 30 දක්වා විවිධ ක්ෂේත්‍රයන්හි මූලික වැටුපේ ප්‍රතිශතයක් ඉහළ නැංවෙන අතර එය ලබන 2013 වසරේ ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක කෙරෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරයි. 

සරසවි ආචාර්යවරුන් දින 100 ක වැඩවර්ජනයක් සිදුකරන ලද අතර එහිදී සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් වශයෙන් එම වැඩවර්ජනය නිමාවට පත්විය. 

සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකිරීමට රජය ගත් මෙම තීරණය නිල වශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත බාරදීම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් එම අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. ම අවස්ථාවට විශ්ව විද්‍යාල සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු ඉහළපෙලේ නියෝජිත පිරිසක් සහ විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ද සහභාගිවූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all