2015 ලෝක කුසලාන රග්බි තරගාවලිය යටතේ පැවැති ගියවර ශූර නවසීලන්තය සහ ආර්ජන්ටිනාව අතර තරගයෙන් ලකුණු 26-16ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය.තරගාවලියට පෙර ආර්ජන්ටිනාව ප්‍රකාශ කර තිබුණේ නවසීලන්ත ඕල් බ්ලැක්ස් පිල තමන්ට අභියෝගයක් නොවන බවයි.

එහි ප්‍රවර්ථන සාර්ථකව නිම කිරීමට ඩැනියෙල් කාටර් සමත් වූ අතර, නිකොලස් සන්වෙන් ආර්ජන්ටිනාව වෙනුවෙන් දෙවැනි භාගයේදී දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.මෙම තරගය නැරඹීමට 89,019ක් පැමිණ සිටි අතර, එය රග්බි ලෝක කුසලාන නව වාර්තාවක් ලෙස සැලකේ. මීට පෙර 2003 අවසන් තරගය නැරඹීමට සිඩ්නි පිටියට 82,957ක් පැමිණ තිබුණි.
මේ අතර සමෝවා සහ ඇමෙරිකාව අතර පැවැති තරගයෙන් ලකුණු 25-16ක ජයක් වාර්තා කිරීමට සමෝවා සමත් විය.
0 comments:
Post a Comment