භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි
තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පාර්ලිමේන්තු
මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් ප්‍රශ්න කර කටඋත්තර ලබා
ගන්නේ ඔහුට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන් ලබා දෙන
උපදෙස් මත බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග
පවසයි.
භාරත ලක්‍ෂ්මන් මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර දුමින්ද සිල්වා මහතාගෙන් කට උත්තර ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කිහිපවරක් උත්සාහ කළ ද වෛද්‍යවරුන් එය වළකා ඇත. දුමින්ද සිල්වා මහතා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයක නොසිටින අතර ඔහුට දිගින් දිගටම ප්‍රතිකාර ලබා දෙන බව වෛද්‍යවරුන් පවසා තිබේ.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ඔහු මේ වන විට කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

0 comments:
Post a Comment