තමා දොaෂාභියෝග චෝදනා 03 කට වැරැදිකරුවන බවට පාර්ලිමේන්තු
තේරීම් කාරක සභාව ගත් තීරණය රිට් ආඥවක් මගින් අවලංගු
කරමින් අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුවට එරෙහිව
ගොනු කර ඇති ඇපෑල සම්බන්ධ විභාගයට තමා සහභාගි නොවන බව
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය
ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.
ආචාර්ය බණ්‌ඩාරනායක මහත්මිය එම දැනුම් දීම කර තිබුණේ ඇගේ නීතීඥවරුන් වන නීලන්කන්දන් නීතිඥ සමාගමට මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් ගොනු කරමිනි.
තමාට එරෙහිව ක්‍රියාත්මක වූ දෝෂාභියෝග චෝදනා විභාග කිරීමේ ක්‍රියාවලිය අවලංගු වී ඇති බවත් තාමත් ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ධුරය දරන්නේ තමා බවත් තමා දිගටම එම ස්‌ථාවරයේම සිටින බවත් ඇය දිවුරුම් පෙත්සමේ සඳහන් කර ඇත.
අගවිනිසුරු ධුරයෙන් තමා පහ කිරීම සඳහා රජය යොදාගත් ස්‌ථාවර නියෝග 78 ඒ සහ ඒ යටතේ පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හා එමගින් ගත් තීන්දු බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥවට අනුව කටයුතු කරන්නේ නැතිව තමා අගවිනිසුරු තනතුරින් පහ කිරීම නීතියට හා ව්‍යවස්‌ථාවට පටහැනි බවත් ඇය දිවුරුම් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් තමා දොaෂාභියෝග චෝදනා 03 කට වැරැදිකරු වන බවට ගත් තීන්දුවට එරෙහිව ඇය අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළාය. එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණයේ සභාපති ශ්‍රී ස්‌කන්ධරාජා මහතා ඇතුළු තිදෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හා එමගින් ගත් තීන්දු තීරණ බලරහිත කරමින් රිට් ආඥවක් නිකුත් කළේය.
අනතුරුව ඊට එරෙහිව නීතිඥ සමුද්‍ර හේවගේ මහතා ගොනුකළ ඇපෑලක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර ඊට සහභාගි වෙන ලෙසද දන්වා හිටපු අගවිනිසුරුවරියට නොතීසි නිකුත් කෙරිණි. එම ඇපෑල ඊයේ 9 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවු අතර හිටපු අගවිනිසුරුවරිය උසාවියට පැමිණ සිටියේ නැත. ඇය වෙනුවෙන් පෙනී සිටි නීලන්කන්දන් නීතිඥ සමාගමේ නීතිඥවරු කියා සිටියේ උසාවියට නොපැමිණි හේතුව දිවුරුම් පෙත්සමකින් දන්වා ඇති බවයි.
අනතුරුව එම අභියාචනය ලබන ජුනි 11 දා යළි කැඳවීමට නියම කෙරිණි.

0 comments:
Post a Comment