ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ඒකාධිකාරය බිඳ දමා අලුත්
ක්‍රීඩකයන්ට අවස්‌ථාව ලබා දෙමින් මීළඟ ලෝක කුසලානය ශ්‍රී
ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද
අලුත්ගමගේ මහතා (5 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
ක්‍රීඩා පනතට සංශෝධන ලෙස නව රෙගුලාසි විසිහතරක් අනුමැතිය සඳහා ඉදිරිපත් කරමින් ඇමැතිවරයා එසේ පැවැසුවේය.
වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක චමල් රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව (05 වැනිදා) පස්‌වරු 1.00 ට රැස්‌විණි.
නිවේදන, වාර්තා සහ ලිපි ලේඛන ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‌ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු උත්තර දුන්හ.
අනතුරුව ක්‍රීඩා පනත යටතේ නියෝග අනුමැතිය සඳහා ඉදිරිපත් කරමින් ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ කීය.
වසර හතළිහකට පසුව ක්‍රීඩා පනතේ සංශෝධන කීපයක් යළි සකස්‌කර ඉදිරිපත් කිරීමට හැකිවීම සතුටක්. මේ අවස්‌ථාවේ අපි එවක සිටි ක්‍රීඩා ඇමැති කේ. බී. රත්නායක මහතා ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමායි මේ පනත ගෙන ආවේ.
මේ පනත 1993, 98 සහ 2005 දී තුන්වරක් සංශෝධනය කළා. රෙගුලාසි විසි හතර වරක් පමණ සංශෝධනය කර ඇතත් එය කර ඇත්තේ පූර්ණ අධ්‍යයනයකින් නොවේ. මේ වෙද්දී ඇති ක්‍රීඩා සංගම්වල අවිධිමත් බව අධ්‍යයනය කර සියලු දෙනාගේ අදහස් විමසා තමයි මේ පනතේ රෙගුලාසි අද සංශෝධනය කරන්නේ. මීට පෙර එම රෙගුලාසි සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නෑ. මේ තමයි පළමු අවස්‌ථාව.
ක්‍රීඩා පනතට මේ සංශෝධන ගෙන ආ හේතුව මා කියන්නම්. 1996 අපට ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායම ගෙන ආවා. මෑත කාලයේ අපේ ක්‍රිකට් කණ්‌ඩායම හතර වරක් පිට පිට පරාජය වුණා. මලල ක්‍රීඩා ගත්තාම සාර්ක් තරගාවලිය පදක්‌කම් තිහ හතළිහ ගත්තා. අද පදක්‌කම් හතට අටට බැහැලා. පසුගිය කාලේ ක්‍රීඩාවේ බරපතළ පරාජයක් අපි දැක්‌කා.
කරුණු දහතුනක් සංශෝධනය කරනවා. ක්‍රීඩා සංගම්වල නිලවරණයට අපි කාලය දෙන්නේ අවුරුද්දයි. පිටරටවල අවුරුදු හතරයි. මේ දවස්‌වල ක්‍රිකට් නිලවරණයෙන් පත්වූ අය මාස තුනක් හිටපු අයගේ වැරදි හොයනවා. තව මාස තුනකට පසු වැඩ අරඹනවා. හොඳම උදාහරණය ක්‍රිකට්. අද රටේ ක්‍රිකට් පාලක මණ්‌ඩලය කටයුතු කළේ ක්‍රීඩාවේ උන්නතියට නොවේ. පත්වන හැම මණ්‌ඩලයක්‌ම ඡන්දය දුන් ක්‍රිකට් සංගම් සතුටු කළා.
එනිසා පළමුවරට අවුරුදු දෙකක් නිලකාලය දීර්ඝ කළා. ඉදිරියට අපි අවුරුදු හතරක් දෙනවා. මේ ක්‍රීඩා සංගම්වල උරුමක්‌කාරයෝ ඉන්නවා. ක්‍රීඩාවට ආදරය ඇති අයත් ඉන්නවා. අවුරුදු හයක් ඉන්න පුළුවන් සහකාර ලේකම් තනතුරුවල. ඉන්පසු එනවා නම් වසර දෙකකට පසුවයි ආ හැක්‌කේ. මින් ඉදිරියට ක්‍රීඩාව බදාගෙන එය විනාශ කළ අයට ඉන්න බෑ. පළමුවරට අපි සංගම්වලට සර්වජන ඡන්ද බලය ලබා දුන්නා. ක්‍රිකට් පාලක මණ්‌ඩලයේ ප්‍රබල තනතුරක් දරන කෙනෙක් තමයි ක්‍රීඩා ආම්පන්න ගෙන්වන්නේ. බැඩ්මින්ටන්, පාපන්දුත් එහෙමයි. ඒ ප්‍රධාන තනතුරු දරන අයට ක්‍රීඩා භාණ්‌ඩ ආනයන සමාගම් තිබෙනවා.
අනුර කුමාර දිසානායක මහතා -
දේශපාලකයින් මේ සංගම්වල තනතුරු දැරීම...?
අලුත්ගමගේ මහතා -
ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් තිබෙනවා. අර්ජුන රණතුංග මහතා දැමූ නඩුවක්. ඒ මහතාට අයිතිවාසිකමක් තිබෙන බව නිලතල දරන්න.... එහෙම නම් ඩිලාන් පෙරේරා මහතාටත් පුළුවන්. පුද්ගලිකව මම ඊට කැමැත්තක් නෑ. එනිසා නීතිපතිවරයා සමග සාකච්ඡා කරනවා. ඒ රෙගුලාසියත් සංශෝධනය කරන්න. එහෙම වුණොත් එයත් සංශෝධනය කරනවා.
අධිකරණයෙන් දඬුවම් ලැබූ අයට නිලවරණවලට තරග කරන්න බෑ. කිසිම සංගමයක් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළේ නෑ. දැන් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ යුතුයි.
ක්‍රීඩා සංගම්වලට විශාල ලෙස පිටරට මුදල් එනවා. මේ මුදල් විනිවිද භාවයකින් යුතුව පැමිණිය යුතු බවට රෙගුලාසි ඇතුළත්. මේ පනත අප ගෙන ආවේ සද්භාවයෙන්. මේ පනත හැදුවේ සියලු සංගම්වල එකඟත්වයෙන්. මේවා ඉතා වටිනා සංශෝධන. එනිසා ඡන්දයකට නොයා මේ පනතට සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. තහනම් උත්තේජක පනත අපි ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන එනවා.
ක්‍රිකට් පාලක මණ්‌ඩලය සමග ගිවිසුම් අත්සන් කිරීම ක්‍රීඩකයින් ප්‍රතික්‌ෂේප කළා. ඒ ඔවුන්ට දෙන දීමනා අඩු කළ නිසා. අද තියෙන ලොකුම ප්‍රශ්නය අපට ලැබෙන සල්ලිවලින් ජාතික කණ්‌ඩායම නඩත්තු කරන්න සිදුවීම. අඩු කිරීම තුළ පළමු ක්‍රීඩකයින් අට දෙනාට මසකට ලක්‍ෂ හතළිහක් ලැබෙනවා. ප්‍රීමියර් ලීග් වෙළෙඳ ගිවිසුම්වලින් වෙනම ලැබෙනවා. නව පරපුරට අවස්‌ථාව ලබාදී මීළඟ ලෝක කුසලානය අපි ගෙන එනවා. මාධ්‍ය සියල්ල, සියලු මාධ්‍යවේදීන් අප සමග සිටියා. අපි තදට විනය තබාගෙන ඉන්නවා. මගේ කාලය තුළ දේශපාලනයට දශමයක්‌වත් අවස්‌ථාවක් නෑ. දේශපාලනයෙන් තොරව ක්‍රීඩාවේදී අපි එකතු වෙමු.
මහනුවර දිස්‌ත්‍රික් මන්ත්‍රී (එජාප) ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා(-
සමස්‌තයක් ලෙස මේ රෙගුලාසි හොඳයි.
නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්‌කොඩි මහතා මුලසුනට පැමිණේ.
කිරිඇල්ල මහතා(-
සමහර රෙගුලාසි තියෙනවා. මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදීන්ට ඉල්ලන්න බෑ. ප්‍රධාන විධායකට ඒ නීතිය නෑ.
ක්‍රීඩා ඇමැතිවරයා(-
නිශාන්ත රණතුංග මහතා සී. එස්. එන්. එකෙන් ඉල්ලා අස්‌වුණා.
කිරිඇල්ල මහතා(-
ඉල්ලා අස්‌වුණා නම් ප්‍රශ්නයක් නෑ. මේ සංශෝධන ශේ්‍රෂ්ඨාධිකරණයට ගිහින් නෑ.
ක්‍රීඩා ඇමැති(-
නීතිපතිවරයා විසින් මේ සියල්ල අනුමත කර තිබෙනවා.
කිරිඇල්ල මහතා(-
මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියාට, අයිතිකාරයට තරග කරන්න බෑ. ඒත් ප්‍රධාන විධායකට පුළුවන්. මම හිතන්නේ මේ නීති රීති පිළිබඳ හෙට අනිද්දා විශාල පිරිසක් ශේ්‍රෂ්ඨාධිකරණයට යයි. එවිට අර්ථ නිරූපණයක් ලැබේවි. මේ නීති රීති අනුව දේශපාලන බලපෑම් නතර කරන්න පියවරගෙන තිබෙනවාද?
ක්‍රීඩා ඇමැති(-
ඔබතුමා අර්ජුන රණතුංග මහතාට දුන් නඩු තීන්දුව කියෙව්වද?
කිරිඇල්ල මහතා(-
එහෙම නම් ඒ ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලියන්න තිබුණා. දේශපාලනය අපේ ක්‍රිකට් පාලක මණ්‌ඩලයට ආවොත් අපිට තරග ලබා දෙන්නේ නෑ කියා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියා තිබෙනවා. වෙන රටවල තේරීම් කමිටුවලට ක්‍රීඩකයන් එන්නේ ක්‍රීඩා කරලා වසර විස්‌සක් පමණ ගතවූ පසුවයි. බලන්න අද තේරීම් කමිටුවේ සිටින ජයසූරිය. ඔහු මහේල සහ සංගක්‌කාර සමග ක්‍රීඩාකර තිබෙනවා. එහෙම වුණාම පරණ කෝන්තර පිරිමසාගන්නත් කටයුතු කළ හැකියි.
ආපදා කළමනාකරණ ඇමැති මහින්ද සමරසිංහ මහතා(-
දේශපාලන කෝණයෙන් නොබලා මෙම රෙගුලාසි සංශෝධනයට ගෙනැවිත් තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේදී අර්ජුන රණතුංග මහතා කළ ඇතැම් යෝජනා පවා මෙම සංශෝධනවලට ඇතුළත්. මේවා දෙස වෛරයෙන් බලන්න එපා කියා මම ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ඉල්ලා සිටිනවා.
කොළඹ දිස්‌ත්‍රික් (එජප) මන්ත්‍රී රවී කරුණානායක මහතා(-
දේශපාලනඥයින් ක්‍රීඩා සංගම්වල නිලතලවල සිටිය යුතු නැහැ කියලා කිව්වාම අර්ජුන රණතුංග, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා යන මහත්වරු විවිධ පැතිවලින් පැමිණ සේවයක් කළා. ඒක අතරමග නතර කරන්න ඔවුන්ට සිද්ධ වුණා. ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ගෙවනවා කියලා මතයක් තියෙනවා. කුමාර් සංගක්‌කාර් කියන්නේ ලෝකයේ ඉන්නා වටිනාම ක්‍රීඩකයෙක්.
ක්‍රීඩා ඇමැතිවරයා(-
කුමාර් සංගක්‌කාර කියලා අපි විශේෂත්වයක් කළේ නෑ. එහෙම කළානම් අනෙක් අය අත්සන් කරන්නෙත් නෑ.
කරුණානායක මහතා(-
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබෙන මුදලින් සියයට 25 ක් ක්‍රීඩකයන්ට දෙන්නේ නැත්තේ ඇයි....?
ක්‍රීඩා ඇමැති(-
එහෙම සම්මතයක් නෑ. ක්‍රීඩකයන්ගේ යෝජනාවකට අනුව එය ක්‍රියාත්මක වුණා. ඔබ කියන්නේ ජාතික කණ්‌ඩායම පමණක් අපි නඩත්තු කළ යුතුයි කියලද?
කරුණානායක මහතා(-
ක්‍රිකට් පාලක මණ්‌ඩලයේ සේවයට වැඩිපුර සේවකයින් අරගෙන තිබෙනවා.
ක්‍රීඩා ඇමැති(-
මම එක්‌කෙනෙක්‌වත් දාලා නෑ...
කරුණානායක මහතා(-
පිරිසිදු පාලනයක් තිබේනම් ආදායමක් ගත හැකියි. ක්‍රිකට් ඔස්‌සේ අපේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න. කොළඹ නයිට් රේස් එකට වැලි කොට්‌ට දාලා තිබුණේ ගංවතුරක් වගේ. රේස් කෝස් එකේ රගර් පිටිය හදද්දී නිවාස විසිපන්දාහක් හදන්න තිබුණා.
ක්‍රීඩා ඇමැතිවරයා(
ඔබතුමා ඔතරම් කුහක ඇයි. ඔබතුමාට දරාගන්න බැරි තරමට කොළඹ දියුණු වෙනවා.
මහනුවර දිස්‌ත්‍රික් (එජනිස) මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා(
මේ දක්‌වා සභාව තුළ ඇහුනේ ක්‍රිකට් නැත්නම් රගර්. අනෙක් ක්‍රීඩා ගැන කතා කළේ නැති තරම්. ගමට ගෙන යැමට සූදානම් වන ක්‍රීඩාව මගින් නිරෝගිමත් ජාතියක් ඇතිකරගත හැකිවේවි.
ආර්. යෝගරාජන් මහතා මුලසුනට පැමිණේ.
කොළඹ දිස්‌ත්‍රික් (ප්‍ර. ජා. ස.) මන්ත්‍රී සුනිsල් හඳුන්නෙත්ති මහතා
ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ අරාජික බව නැති කරන්න ඇමැතිතුමා යම් පියවරක් ගෙන තිබෙනවා. ඒත් ක්‍රිකට් ක්‍රීඩාවේ අරාජික බව, දේශපාලන මැදිහත්වීම සඳහා මේ නියෝග ප්‍රමාණවත්ද යන ගැටලුව තිබෙනවා. දේශපාලකයින් ක්‍රීඩාවට සම්බන්ධවීම සුදුසු නම් අපි එය පිළිගන්නවා. නමුත් දේශපාලන න්‍යාය ක්‍රීඩාව හරහා ක්‍රියාත්මක කිරීම අපට පිළිගන්න බෑ. දේශපාලන බලය ක්‍රීඩාව ඔස්‌සේ ක්‍රියාත්මක වීමත් පිළිගන්න බෑ. අද රගර් තියෙන්නේ දේශපාලන හයිය පෙන්වන ක්‍රීඩාවක් ලෙසයි. තිලාන් සමරවීර ක්‍රීඩාවෙන් සමුගත් බවට සුළු මොහොතකට කලින් කෙටි පණිවිඩයක් ලැබුණා. ඔහු ක්‍රීඩා කළේ ටෙස්‌ට් තරගවලට විතරයි. ඔහු අසාර්ථක ක්‍රීඩකයෙක් නොවේ. නවකයන්ට තැන දෙන්න කියලා ඔවුන් ඉවත් කිරීම ප්‍රශ්නයට පිළිතුර නොවේ.
කුරුණෑගල දිස්‌ත්‍රික් මන්ත්‍රී (එජනිස) ශාන්ත බණ්‌ඩාර මහතා(
ජාතික කණ්‌ඩායම්වල ක්‍රීඩකයන් මුදල් පසුපස හඹා නොයා කටයුතු කළ යුතුයි. ශාරීරික අධ්‍යාපනය පිළිබඳ ළමයින්ට දැනුමක් නොමැති නම්, මූලික පුහුණුවක් නැතිව ක්‍රීඩාවට යොමු කිරීම නිසා අවාසනාවන්ත සිද්ධි කීපයක් පසුගියදා සිදුවුණා. මෙවැනි සිද්ධි යළි ඇති නොවීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා ඇමැති හා අධ්‍යාපන ඇමැති එක්‌ව පියවර ගැනීම සතුටක්.
අනුරාධපුර දිස්‌ත්‍රික් (එජනිස) මන්ත්‍රී සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා(
සමහර නිලධාරීන් ක්‍රීඩා සංගම් බදු අරගෙන ඉන්නේ. එනිසා තමයි ක්‍රීඩා ඇමැතිතුමා මේ රෙගුලාසි ගෙන එන්නේ. මේ සංශෝධනය තුළ පාසල් සංගම්වල නියෝජිතයන් දෙදෙනකු අවම වශයෙන් ජාතික සංගමයේ සිටිය යුතුයි. ක්‍රීඩකයන්ට ලබාදෙන පහසුකම් දුෂ්කර ප්‍රදේශවලට ඉතා වැදගත්.
කළුතර දිස්‌ත්‍රික් (එජාප) මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා(
සමස්‌ත ක්‍රීඩාව ක්‍රිකට් හරහා බැලීමෙන් මෙරට ක්‍රීඩාවේ වර්ධනයට අදාළ වෙන්නේ නෑ. අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩකයන් බවට පත්ව සිටින බවට තර්කයක් නෑ.
ප්‍රාදේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට පාසල්වලට පහසුකම් සැලසිය යුතුයි. ජාත්‍යන්තර තලයේ ගැටලු නිරාකරණය කරනවා වගේම ප්‍රාදේශීය තලයේ සහ පාසල් ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි. හැකි ඉක්‌මනින් පාසල් සහ යෞවන සමාජ, ප්‍රාදේශීය ක්‍රීඩා සංගම් පිළිබඳ සැලකිල්ල දැක්‌විය යුතුයි.
මහනුවර දිස්‌ත්‍රික් මන්ත්‍රී (එජනිස) ලොහාන් රත්වත්ත මහතා
ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩා සංගම්වල ගැටලු ප්‍රවේශමෙන් නිරාකරණය කරගෙන යනවා. ක්‍රීඩා ඇමැති සතු බලතල විමධ්‍යගත කර තිබෙනවා. දිස්‌ත්‍රික් මට්‌ටමින් ක්‍රීඩාංගණ විසිහතරක් හදන්න ඇමැතිවරයා කටයුතු කර තිබෙනවා.
පුත්තලම දිස්‌ත්‍රික් මන්ත්‍රී (එජනිස) අරුන්දික ප්‍රනාන්දු මහතා(
ක්‍රීකට් ක්‍රීඩාව මෙන්ම අනෙක් ක්‍රීඩාත් දියුණුවී ඇති බව අපට පෙනෙනවා. කෙනෙක් ක්‍රීඩා සංගමයකට එන්නේ පරම පවිත්‍ර ෙච්තනාවෙන්. පාසල් ක්‍රීඩාවත් ක්‍රීඩා ඇමැතිවරයා යටතේ තිබෙනවා නම් හොඳයි. පාසල් ක්‍රීඩාව භාර අධ්‍යාපන අමාත්‍යාංශයෙ ඇතැම් නිලධාරීන් රට සවාරි ගහනවා. පාසල් ක්‍රීඩාව ඉදිරියට ගෙන ඒමට උනන්දුවක් නෑ.
(තාරනාත් බස්‌නායක මහතා මුලසුනට පැමිණේ.)
කොළඹ දිස්‌ත්‍රික් (එජනිස) මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා(
දවස් දෙකක් පුරා වැදගත් විවාදයක් පවතින අවස්‌ථාවක ඊට සහභාගි වීමට ලැබීම සතුටක්. මම අවුරුදු 18 ක් ක්‍රිකට් පාලක මණ්‌ඩලයේ උප සභාපති තනතුරේ සිට වැඩ කළා.
ක්‍රීඩා පනතට අනුව වගන්ති පනස් හයක් එක්‌කරනවා. හැත්තෑ තුනේ ඉදිරිපත් කළ ක්‍රීඩා පනත එසේ තිබියදී නියෝග තුළින් යම්කිසි ක්‍රියාදාමයක් ඔස්‌සේ මෙහෙයවීම ඇමැතිවරයා විසින් සිදුකර තිබෙනවා. ක්‍රමවත් විධිමත් අරමුණකින් මේ නියෝග ඉදිරිපත් කර තිබෙනවා.
සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා,
ක්‍රීඩාවේ නිරත වන අයට ජය පරාජය විඳ දරා ගැනීමේ හැකියාව තිබෙනවා. ක්‍රීඩාව නිරෝගී පරපුරක් බිහිකිරීමට මෙන්ම නායකයන් බිහි කිරීමටත් උපයෝගි වෙනවා.
විවාදය (06 වැනිදා) ප.ව. 1.30 දක්‌වා කල් තැබිණි.

0 comments:
Post a Comment