පිළිකා සැත්කම් හතරකට භාජනය වී බොහෝ කලයක් ජීවිතයත් මරණයත් අතර සටන්
වදිමින් සිටි වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් අඟහරුවාදා මිය ගිය බව එරට
රජය නිවේදනය කරයි.
ඔහු මිය යන අවස්ථාව වන විට සිය ගණන් ජනයා කැරකස්හි රෝහල අවට රොක්වී චාවේස් අප
සියල්ලන් ම ඔබගේ යනුවෙන් හඬ නඟමින් හැඬූ කඳුළින් පසුවු බව වාර්තා වේ .
ශෝකබරිත චාවේස් හිතවාදීන් චාවේස් ගේ විප්ලවය ඉදිරිය ගෙන යන බව සඳහන් පුවරු
සහ වෙනිසියුලා ජාතික ධජ අතැතිව සිය ශෝකය පළ කළ බව සඳහන්වේ.
අපගේ පීතෘ භූමියට
ආදරය කිරිමට ඉගැන් වූ ජනාධිපති චාවේස් ශාරීරිකව මිය ගියත් ඔහු සදාදරණීය
ලෙස තම හද පතුලේ සදාකාලිකව රැඳී සිටිනු ඇතැයි ජනතාව පවසයි. වෙනිසියුලාවේ
හොඳම ජනාධිපතිවරයා චාවේස් බව ඔවුහු එකහෙළා ප්‍රකාශ කරති.
විදේශීය රාජ්‍ය
නායකයන් සහභාගි වන නිල අවමංගල්‍ය යාඥා මෙහෙය සිකුරාදා පැවැත් වීමට නියමිතය.
එතෙක් ඔහුගේ දේහය මිලිටරි ඇකඩමියේ තැන්පත් කර තැබෙනු ඇත. මේ අතර කැරකස් නගරයේ
චාවේස්ට එරෙහිව සතියක් පුරා සත්‍යග්‍රහයක් කරමින් සිටි විශ්ව විද්‍යාල සිසුන්
පිරිසක් චාවේස් හිතවාදීන් විසින් පහර දි පළවා හැර තිබේ. වෙනිසියුලා
ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපතිවරයා මිය ගියහොත් දින 30 ක් ඇතුළත
ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය .
ජනාධිපති චාවේස් විශේෂයෙන්ම එරට දුගී
දුප්පත් ජනතාවට කරන ලද සේවය අගයමින් ජගත් සංවිධාන මහ ලේකම් ඇතුළු රාජ්‍ය
නායකයන් විසින් එවන ලද පණිවුඩ ගලා එන බව සඳහන්ය.
0 comments:
Post a Comment