නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහි වෙමින් අපක්‍ෂපාතීව රාජකාරි
කිරීම නිසා දේශපාලන උදහසට ලක්‌ව සිටි නියෝජ්‍ය පොලිස්‌පති
එම්. ආර්. ලතීෆ් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මොනරාගල
දිස්‌ත්‍රික්‌කයෙන් ඉවත් කර බදුල්ල දිස්‌ත්‍රික්‌කයට මාරු
කර යවා ඇත.
ලතීෆ් මහතා මාරුකර යෑවීම නිසා ප්‍රීතියට පත්වූ මොනරාගල ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් සිය ගෝලබාලයන්ද සමග මොනරාගල නගරයට රැස්‌වී රතිඤ්Æපත්තු කරමින් සතුට පළ කළ බවද වාර්තා වෙයි.
මේ අතර ලතීෆ් මහතාගේ කීර්ති නාමයට කැළලක් වන ආකාරයෙන් මුද්‍රණය කළ මඩ පත්‍රිකා රැසක් මොනරාගල නගරය පුරා බෙදා හැරීමට මෙම දේශපාලනඥයන් (16 දා) සහ (15 දා) දිනවල කටයුතු කර තිබිණි.
දේශපාලන බලවතුන් කීප දෙනකුගේ රැකවරණය ලබමින් දූෂිත පිරිස් විසින් මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ කරගෙන ගිය ගංජා හේන්, වැලි ගොඩ දැමීම්, නිධන් හැරීම්, කැලෑ විනාශ කිරීම්, හොර හරක් ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා ලතීෆ් මහතා විසින් ඉතාම සාර්ථක අන්දමින් මර්දනය කරනු ලැබීය.
මේ හේතුව නිසා ලතීෆ් මහතා ප්‍රදේශයේ දූෂිත දේශපාලනඥයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්‌විය.
ලතීෆ් මහතා වහාම මොනරාගලින් ඉවත් කරන ලෙස කියමින් දේශපාලනඥයෝ රැසක් පසුගිය දිනවල උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ද නිරත වූහ.
ලතීෆ් මහතා ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ තනතුරට නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත.
0 comments:
Post a Comment