Photobucket

Sunday, February 24, 2013

බෝතල් රා බිව්වොත් කපෝති! රත්තොට ප්‍රා.සභාපති කියයි

බෝතල් කළ පොල් රා බීම පුරුද්දක් කර ගත් පුද්ගලයන්ගේ සිරුර ඉදිමී ඔවුන් අකාලයේ මිය යාමේ සිද්ධි රත්තොට ප‍්‍රදේශයෙන් වාර්තාවේ. 

රත්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති දේශමාන්‍ය ආචාර්ය ටී.ඩී. ජයතිස්ස මහතා ඉකුත්දා පැවැති ප‍්‍රාදේශිය සභාවේ මාසික රැස්වීමේදී මෙම අවදානම පිළිබඳව කරුණු සභාගත කරමින් කියා සිටියේ වාර්තා වී ඇති මරණ සැලකිල්ලට ගෙන අනුමත තැබෑරුම්වල අලෙවියට තබා ඇති අරක්කු සහ බෝතල් කළ පොල් රා වල ප‍්‍රමිතිය පිළිබඳව සොයා බැලීමේ අවශ්‍යතාවක් ඇති බවයි. මත්පැන් පානයට ඇබ්බැහි වූවන් පහසු මුදලකට මිලදි ගැනීමට හැකි බැවින් බෝතල් කළ පොල් රා බීමට පුරුදු වී ඇති නමුත් කලකදී සිරුර ඉදිමී මියයාම නිසා පොල් රාවල තත්ත්වය පරීක්‍ෂාවට යොමු කිරිම කළ යුතු බව සභාපතිවරයා පෙන්වා දෙයි. ග‍්‍රාමීය සහ වතුකරයේ බහුතරය මෙම පොල් රා බීමට පෙළඹී ඇති බවද සභාපතිවරයා පවසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all