Photobucket

Monday, February 18, 2013

මියන්මාර් ජාතිකයන් 32කගේ දිවි ශ්‍රී ලංකා නාවික හමුදාව ගලවා ගනී

දින කිහිපයක් ආහාර සහ ජලය නොමැතිව මුහුදේ යාත්‍රාවක අතරමංව බරපතළ රෝගී තත්ත්වයට පත්ව සිටී මියන්මාර් ජාතිකයන් තිස් දෙදෙනකුගේ දිවි ගලවා ගැනීමට ශ්‍රි ලංකා නාවික හමුදාව  (16) සමත්ව ඇත.

එහි ගමන් ගනිමින් සිටී 130 දෙනාගෙන් 98 දෙනකු මියගිය බවත් ඔවුන් මුහුදට දැමූ බවත් දිවි ගලවා ගත් මියන්මාර් ජාතිකයන් විසින් නාවික හමුදාවට පවසා තිබේ. අම්පාර, සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 225ක් ඈතින් පිහිටි මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටී මියන්මාර් ජාතිකයින් ගාල්ල වරායට රැගෙන යාමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසීය. 

මේ පිරිසගෙන් හය දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව නාවික හමුදාව පවසයි. නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු නිරත වී සිටි පිරිසක් ලබාදුන් තොරතුරකට අනුව ගාලු වරායෙන් ගිය සාගර නැමැති නෞකාව (16) දහවල් අදාළ මුහුදු ප්‍රදේශයට ගොස් මුහුදේ අතරමංව සිටි මේ විදේශිකයන් පිරිස බේරාගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. මොවුන් මියන්මාර ජාතිකයින් බවත් ඔවුන්ගේ භාෂාව තේරුම් ගැනීමට නොහැකිවීම නිසා ගැටලුවක් මතුව ඇති බව නාවික හමුදාව පවසයි. 

මේ පිරිස පිළිබඳ මේ වන විට මියන්මාර් තානාපති කාර්යාලයට දැනුම් දී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. මීට මාස දෙකයි දින පහකට පෙර මියන්මාරයේ සිට ඉන්දුනීසියාව බලා මේ යාත්‍රාව ගමන් අරඹා තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all