Photobucket

Friday, January 11, 2013

ශ්‍රී‍ ලංකාවට එරෙහිව මංගල සමරවීර ලන්ඩනයේ දී කුමන්ත්‍රණයක

මේ දිනවල ලන්ඩනයේ සංචාරයක නිරත එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ලෝක දෙමළ සංසදයේ ප්‍රකාශක ලෙස හඳුන්වා ගන්නා සුරේන් සුරන්දිරන් නමැත්තෙකු හා තවත් පුද්ගලයන් කිහිපදෙනකු සමඟ රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇත.

මේ වසරේ ශ්‍රී ලංකාවේ  පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සැසිය කඩාකප්පල් කිරීම ලෝක දෙමළ ඩයස්පෝරාවේ මූලික අරමුණ වී ඇත. ඔවුන් දිගින් දිගටම බ්‍රිතාන්‍ය හා අනෙකුත් රටවල, මහජන නියෝජිතයන් හමුවී මේ සමුළුවට සහභාගී නොවී සිටින ලෙස බලපෑම් එල්ල කරයි.

මේ සිද්ධීන් සලකා බැලීමේ දී සුරේන් සුරන්දිරන් ප්‍රමුඛ පිරිස හා මංගල සමරවීර මහතා අතර හමුව ද එම කුමන්ත්‍රණයේ ම එක් කොටසක් බව සැකයට භාජනය වී ඇත.

සුරේන් සුරන්දිරන්ට අමතරව මේ හමුවට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ සාමාජිකයෙක් වශයෙන් තමා විසින්ම හඳුන්වා ගන්නා සනේ නමැත්තාත්, රවී, කුගන් යන අය ද සහභාගී වී ඇත. මේ හමුව සම්බන්ධයෙන් අදිර්වූ වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවිවල විස්තර පළ වී ඇතත් එම හමුවේ දී සාකච්ඡාවට බඳුන් වූ කරුණු අනාවරණය වී නොමැත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all