Photobucket

Friday, January 11, 2013

ගම්පහ කළුකඩ වටලා කෝටියකට වැඩි දඩ ගසයි

2012 ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා වූ කාලය ඇතුළත ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් දඩ මුදල් ලෙස රුපියල් 1,3593820/=ක් රජයට අයකරදීමට සමත්ව සිටී. මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ලේම වැටලීම් කර නඩු 2561ක් ගම්පහ, මහර,වත්තල, මීගමුව, අත්තනගල්ල, මිනුවන්ගොඩ, යන අධිකරණවල නඩු ඉදිරිපත්කර මෙලෙස දඩමුදලක් අයකර ඇත.

රජයේ සහ පෞද්ගලික වෙළෙඳ ආයතනද, මෙම වැටලීම්වලට අදාළ කරගෙන තිබේ. චෝදනා අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය, කල් ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය විකිණීම,, පාරිභෝගික ආරක්ෂණ පනත උල්ලංඝනය කිරීම, යන චෝදනා විය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානි රංජිත් වීරවර්ධන, සහ වීමර්ශන නිලධාරීන් වන වයි.එම්.එස්.යාපාරත්න, වයි.එම්.එස්. නිශාන්ත, එච්.කේ. කුමාර, ජී.කේ. රංගනාත්, එල්.එම්.එස්. නාවිමන, ඉමාලි ප්‍රියදර්ශන, අයි.පී. මුදලිගේ ටී.ඩී.එම්. එස්. අබේරත්න යන නිලධාරීන් මෙම මෙහෙයුම්වලට දායක වී ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all