Photobucket

Tuesday, January 1, 2013

අකුණුවලට පණ බයේ ටී.වී වහපු කාලේ ඉවරයි

වැලිකොන්ද ගමේ පුංචි කොල්ලෙක්ගෙන් විස්මිත වැඩක්

මොරසූරන මහ වැස්සේ දී අකුණු ගහන ගොරවන මහ වැස්සේ දීත් නිවෙසේ රුපවාහිනිය නැරඹිය හැකි අකුණු සංනායකයක් හා නවතම රුපවාහිනි බූස්ටරයක් බෝගහගොඩ අගුළුගහ වැලිකොන්ද ගමෙහි වයස අවුරුදු 15ක් වු එච්.එම්.ප‍්‍රසාද් සංකල්ල නමැති බෝගහගොඩ දෙරපේ මහා විද්‍යාලයේ 2013 වසරේ 10වන පංතියට සමත් වු සිසුවකු තම නිවාඩු කාලයේ දී සකස් කර තිබේ.

මම නිවාඩු කලයේ දී මෙම උපකරණය සකස් කළා. අම්මා රුපවාහිනි බලනකොට බනිනවා. වහිනිකොට විදුලි කොටනකොට ගොරවනකොට ටී.වී එක වහන්න. අකුණු ගහනවා කිය කියා කෑ ගහනවා. ඒ නිසා මම හිතුවා අකුණු ගහනකොට වහිනකොට ගොරවන විට රුපවාහිනි නරඹන්න හැකි ක‍්‍රමයක් ගැන. මම නිවාඩුවට ගෙදර ඉදගෙන කල්පනා කළා. ඒ අනුව මම මෙම උපකරණය සකස් කළා යැයි, ප‍්‍රසාද් සංකල්ප පවසයි.
මෙහි විශේෂත්වය වන්නේ වැස්සේ දී හෝ අකුණු ගැසිමේ දී රුපවාහිනිය බුස්ටරය හා ඇන්ටනාව සම්බන්ධ කෙරෙන වයරය ගලවන්න උවමනා නොවීමයි. අකුණු ගහනකොට ඉබේම රුපවාහිනියට සම්බන්ධ කර ඇති බූස්ටරයේ වයරට විසන්ධි වන ආකාරයට සකස් කර ඇති අතර අකුණ ගසා අවසන් වු විගස සැණින් යළිත් රුපවාහිනියට මෙම වයරය සම්බන්ධ වීමයි. ඇන්ටනාවේ වැයරය ගලවා මිදුලට විසි කිරීමේ පැරණි ක‍්‍රමය දැන් අවශ්‍ය නොවේ.
ඒ සියල්ලම ස්වයංක‍්‍රීයව සිදු කෙරෙනවා. ඕනෑම ආකාරයේ බූස්ටරයකට රුපවාහිනි යන්ත‍්‍රයකට මෙම අකුණු සංනායක ටී.වී.ස්වයංක‍්‍රීය බූස්ටරය යොදා ගත හැකි බව, ප‍්‍රසාද් සංකල්ප කියයි. ඒක අපි අත්හදා බැලූවා. රුපවාහිනියට හානියක් සිදු වන්නේ නෑ. හෙතෙම කියයි. මෙම නවතම නව නිපැයුම සකස් කිරීමට සංකල්පට පහළ වු අදහසට පන්නරය දී ඇත්තේ දොරපේ විද්‍යාලයේ විදුහල්පති එස්.කමලබන්දු මහතා හා තම පන්තිභාර මල්කාන්ති කුමාර ගුරුතුමිය බව හෙතෙම කියයි. මෙම උපකරණය සකස් කිරීමට උපදෙස් හා සහයෝගය ලබාදී ඇත්තේ ප‍්‍රදේශයේ විදුලි කාර්මිකයකු වූ චමින්ද ජයසිංහ මහතාය.

 

Share on :

1 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all