පොල්කටු පමණක් උපයෝගී කරගෙන විවිධ දස්‌කම් දක්‌වන හිටපු හමුදා
සොල්දාදුවෙක් පසුගිය 08 වැනිදා අපට හමුවිය. ඔහු පදිංචි
කටුනේරිය 330 ඔරුවැල්ල පාරේ පිහිටි තම නිවසේය. නමින් ඩබ්.
සිරිල් මයිකල් ප්‍රනාන්දු හෙතෙම නිලාන් සුසිත් සහ නිලාන්
සුසිලා යන අයගේ පියාණන්ය. බිරිඳ ජී. ඇනී වයලට් ප්‍රනාන්දු.
පොල්කටුවලින් කරන දක්‍ෂතම පිළිබඳ කරුණු දැක්‌වූ මයිකල් මහතා මට
දැන් අවුරුදු 65 ක් පමණ වෙනවා. මෙවැනි දේ නිර්මාණය කරන්න හොඳ
ඉවසීමක් විනයක් තියෙන්න ඕනෑ. මට ඒ ඉවසීමත් විනයත් මා හමුදා
සෙල්දාදුවෙක්‌ව සිටි කාලයේ ප්‍රගුණ කර ගත්තා. අද අපේ රටේ
හුඟක් හමුදාවේ අයට නැත්තේ ඒ වටිනා ගුණධර්මයි.
මෙයට වසර දෙකක පමණ කාලයක සිට මට හිතුනා ඉවත දමන පොල්කටුවලින්
විවිධ නිර්මාණ කරන්න ඕනෑ කියලා. එහෙම හිතලා හිතට එන දේවල් ඇසට
පෙනෙන දේවල් නිර්මාණය කළා. ඊට පස්‌සෙ මට හිතුණා. ලෝකයේ පුදුම
හත නිර්මාණය කිරීමට මහ අහලා තිබුණට හරියට ඒවා දැකලා නැහැ.
නමුත් මම උත්සාහය අතහැරියේ නැහැ.
ඉන්ටනෙට් එකෙන් ලෝකයේ පුදුම හතයි තවත් දර්ශනීය ස්‌ථානත් බලලා
මාස 7 ක් වැනි කාලයක් ඇතුළත ඒ සියල්ල නිර්මාණය කළා. ප්‍රංශයේ
අයිµල් කුළුණ බැබිලෝනියාවේ එල්ලෙන උයන ඉතාලියේ පීසා කුළුණ,
ඉන්දියාවේ ටඡ්මහල ඊජිප්තුවේ පිරමීඩ චීනයේ චීන මහා ප්‍රාකාරය
ඇමරිකාවේ ලිබර්ටි පිළිරුව ඇතුළු තවත් නිර්මාණ රැසක්
බිහිකිරීමට පුළුවන් වුණා. මෙහි නිමාණය කර ඇති ලෝක පූජිත
මොනාලීසා ඇතුළු තවත් නිර්මාණ රැසක් විශ්මයජනක මෙම සත් කාර්යයට
බිරිඳත් දරුදෙදෙනාත් නිතරම තම දිරිය මයිකල් මහතා අගේ කරන අතරම
මෙවැනි නිර්මාණ ජනතාවට හඳුන්වාදීමට zzදිවයිනZZ පුවත්පතට
ස්‌තූති කළේ හදපිරි බැතියෙනි.






0 comments:
Post a Comment