කැලණිය
ප්‍රාදේශීය සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හසිත මඩවල මහතා සෙනසුරාදා
රාත්‍රි (5) 7.30 ට පමණ සිය නිෙවස ඉදිරිපිට මිත්‍රයින් දෙදෙනකු සමඟ කතා කරමින්
සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු පැමිණ ඝාතනය කර ඇත.
මඩවල මහතා සිය මිතුරන් දෙදෙනා සමඟ මෝටර් රථයක් අසල මෙසේ කතා කරමින් සිටියදී
මුහුණු ආවරණය කළ හිස් වැසුම් පැලඳ ගත් දෙදෙනාගෙන් එක් අයකු මිලි මීටර් 9 වර්ගයේ
ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් ඇති බව කැලණිය පොලිසිය පවසයි.
එම වෙඩි
ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබා සිටි ඒ මහතාව ඒ මොහොතේම කොළඹ ජාතික රෝහලට
රැගෙන ගිය ද, ඒ වන විටදීත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
32 හැවිරිදි මඩවල මහතා ඝාතනයට ලක්වීමත් සමඟ ඒ මහතාගේ නිවෙස අසලට රොක්වූ
ප්‍රදේශවාසීහු සහ ආධාරකරුවෝ ඊට විරුද්ධව වහාම ඝාතකයින් අත්අඩංගුවට
ගන්නා ලෙස බල කරමින් උද්ඝෝෂණයකද නිරත වූහ.
කැලණිය වරාගොඩ බොන්ඩ්වත්ත පටුමගේ පදිංචි හසිත මඩවල මහතා ධම්මිකා මඩවල
මහත්මියගේ ස්වාමිපුරුෂයාය. ප්‍රදේශවාසීන් සමඟ දැඩි මිත්‍රත්වයකින්
කටයුතු කළ ඒ මහතා කාගේත් හොඳ හිත දිනාගත් මන්ත්‍රීවරයකු බැව් බොහෝ අය පැවසූහ.
ඒ මහතාට වෙඩි තබා ඇති තුවක්කුකරු, කතා කරමින් සිට ඇති අනෙක් මිතුරන් දෙදෙනා
බේරා මේ වෙඩි තැබීම සිදු කොට ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
මේ සිද්ධිය
සම්බන්ධයෙන් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ඒකාබද්ධ පොලිස් මෙහෙයුමක්
කැලණිය හා පෑලියගොඩ පොලිස් ස්ථාන විසින් ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ හසිත මඩවල මහතාගේ මෑණියන් වන බන්ධුවතී
මඩවල මහත්මිය මෙසේ පැවැසුවාය.
”මා රාත්‍රි 7.30ට පමණ අපට අයත් වෙළෙඳ සලේ සිටියා. ඒ මොහොතේ රතිඤ්ඤ ශබ්ද වැනි
ශබ්දයක් ඇසීමෙන් මා නිවස ඉදිරියට දුවගොස් බැලුවා.
එවිට මගේ පුතා ඔළුවට
අතගසාගෙන ලේ විලක් මැද වැටී සිටියා. මා කෑගසමින් දුවගොස් ආධාර ඉල්ලා පුතා
රෝහලට පිටත් කළා. ඝාතකයන් දෙදෙනා යතුරු පැදියේ සිටම පුතාට මඩවල යැයි අමතා ළඟට
ගෙන්වා මේ අපරාධය කර ඇති බව මට දැනගන්නට ලැබුණා.
කැලණියේ දැන් දැන් සිදුවන
ක්‍රියා එතරම් යහපත් ක්‍රියා නොවෙනා හෙයින්, මේ තත්ත්වය වෙනස් කිරීමට බලධාරීන්
කටයුතු කරනු ඇතැයි ද ඈ වැඩිදුරටත් පැවැසුවාය.
හසිත මඩවල මහතා 2006 වර්ෂයේදී කැලණිය ප්‍රාදේශීීය සභාවට එක්සත් ජනතා නිදහස්
සන්ධානයෙන් තරග කර ප්‍රථම වරට එහි මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත් වූ අතර,
නැවත වරක් හෙතෙම 2010 වසරේදී කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වශයෙන් ද
වැඩි මනාපයෙන් තේරී පත් විය.
0 comments:
Post a Comment