Photobucket

Monday, January 7, 2013

දියණියට නිදහස ලැබෙන පුවත අසා මා සිටින්නේ දැඩි සතුටෙන්

දිනය එනතුරු බලා සිටින බව රිසානාගේ පියා කියයි

තම දියණියට නිදහස ලබා දීමට යන පුවත මාධ්‍ය මගින් ඇසීමත් සමග සතුටට පත්වී සිටින තමන් ඒ දිනය එන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ යැයි සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිරගත වී සිටින රිසානා නෆික්ගේ පියා වන මුතූර් පදිංචි මොහම්මදු සුල්තාන් නෆික් මහතා පැවැසීය. 

තම දියණිය විදේශගතවී මේ වන විට අවුරුදු අටකුත් මාස අටක් ගතවී ඇති බව කී නෆික් මහතා, තම දියණියට නිදහස ලබා දීමට කටයුතු කරන ශ්‍රී ලංකා ජනාධිපතිට හා සෞදි අරාබියේ රජුට ස්තුතිවන්ත වන බව කීය.

දියණියට නිදහස ලබා දෙන බව මාධ්‍ය මගින් ඇසූ හිතවතුන් බොහෝ දෙනෙක් මගේ නිවසට පැමිණ ඒ ගැන විමසුවා. සමහර පිරිස් මගේ ජංගම දුරකථනයට එස්. එම්. එස්. එවා, ඒ ගැන විමසුවා.

මම දන්නේ මාධ්‍ය මගින් ඇසූ දේවල් පමණයි යැයි නෆික් මහතා පැවැසීය. රිසානා නෆික්ගේ මවගෙන් දියණිය නිදහස ලැබීම ගැන විමසූ විට සෙයියදු අහමදු ෆරීනා මහත්මිය යමක් නොකියා සිය ස්වාමියා කී දේ අනුමත කළේය.

රිසානා නෆික් නිදහස ලැබීම පිළිබඳ පළවී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කළ විමසුමට පිළිතුරු දෙමින් රිසානාගේ පියා එසේ පැවසුවේ අසනීප තත්ත්වයෙන් සිටියදීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all