Photobucket

Monday, January 7, 2013

දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිල නිවාස කොල්ල කාලා

දුම්රිය‍ දෙපාර්තුමේන්තුවේ දේපල රැසක් අයථා පරිහරණයට ඉඩ හැර තිබෙන බව 2011 වසරේ විගණකාධිපති වාර්තා මඟින් තහවුරු කර ඇත. දෙපාර්තුමේන්තුව සහ නිල නිවාස 5518 ක් අතරින් විගණනය සඳහා ඉදිරිපත් කර ඇත්තේ ද නිල නිවාස 913 ක තොරතුරු පමණක් බවද එම වාර්තාව මඟින් පෙන්වා දී තිබේ. 

දෙපාර්තුමේන්තුව සතු නිල නිවාස 300 ක් කිසිදු නිලධාරියෙකු නොමැතිව වසා දමා තිබෙන බවද නිවාස 58 ක් වෘත්තීය සමිති කාර්යාල සඳහා ලබා දී තිබෙන බවද එම වාර්තාව මඟින් වැඩි දුරටත් පෙන්වා දී තිබේ. ඊට අමතරව නිවාස 709 ක් සඳහා ජලයද නිවාස 98 ක් සඳහා විදුලියද දෙපාර්තුමේන්තුව මඟින් ලබා දී ඒ වෙනුවෙන් මුදල් අය කර ගෙන නැත. දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් නොවන ආයතන සඳහා ද නිවාස 14 ක් ලබා දී තිබේ. මීට අමතරව වෘත්තීය සමිති නාමයෙන් පවා නොමැති වෘත්තිය සමිති 5 ක් සඳහා සහ ලියාපදිංචි නොමැති වෘත්තිය සමිති 13 ක් සඳහා දෙපාර්තුමෙන්තුව සතු නිවාස වලින් වර්ග අඩි 4255 ක ප්‍රමාණයක් ලබා දී තිබෙන බව එම වාර්තාව මඟින් තහවුරු කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all