ගංජා
වැටලීමකට (06) උදේ උඩවලව වනෝද්‍යානයට ගිය උඩවලව විශේෂ කාර්ය බලකා
කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.පී.ඒ. ප්‍රේමසිරි ඇතුළු
කණ්ඩාමට ඇටසැකිල්ලක් හමු වී තිබේ. උඩවලව කොළඹ මාර්ගයේ 8 කනුව ප්‍රදේශයේ
සිට වනය තුළට මීටර් 700ක් පමණ ගමන් කරද්දී මෙම ඇටසැකිල්ල හමු වී ඇත.
මළ
සිරුර අසල අති විශේෂ අරක්කු බෝතල භාගයක්, හිස් වස කුප්පියක්, බ්ලේඩ් තල
01ක්, කමිසයක්, බැණියමක්, පනාවක්, බුලත් විඩට ගන්නා හුණු පැකැට්ටුවක් තිබී
හමු වී ඇත. මෙම ස්ථානයට (07) පැමිණි වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා
හම්බෙගමුව පොලිසියට නියෝග කළේ ඇටසැකිල්ල අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා
කරාපිටිය රෝහල වෙත යවන ලෙසයි.
0 comments:
Post a Comment