ශ්‍රී ලංකාව තවත් ලකුණු හැටක් පමණ වැඩියෙන් ලබා ගෙන සිටියා නම් තරගය ජය ගැනීමට
අවස්ථාව තිබුණු බව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාව වෙතින් ලත්
කඩුලු පහක පරාජයෙන් පසුව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන මාධ්‍යවේදීන් හමුවේ
කියා සිටියේය.
පළමු ඉනිමේදී තම කණ්ඩායම මීට වඩා ලකුණු රැස්කළ යුතුව තිබිණැයිද තමා ඇතුළු මුළු
කණ්ඩායම ම පරාජයට වගකිව යුතුව ඇතැයිද ජයවර්ධන ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ට
පළමු ඉනිමේදී ලබා ගත හැකිවූයේ ලකුණු 294ක් පමණි.
එම ලකුණු ප්‍රමාණයට ආසන්නව ඔස්ට්‍රේලියාව දවා ගැනීමට හැකිවූවා නම් තරගය මීට
වඩා වෙනස් වීමට ඉඩ තිබූ බවද ජයවර්ධන කියා සිටියේය. ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ පළමු
ඉනිමේදී ලකුණු 432ක් රැස් කළේය.
තරගයේ තීරණාත්මක උඩ පන්දු ගිලිහී යාමද ශ්‍රී ලංකා පරාජයට බලපෑ ප්‍රධාන
සාධකයක් වූ බවද ඔහු පෙන්නා දුන්නේය.
කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න හා දිමුත්
කරුණාරත්න ගේ දස්කම් අගය කළ යුතු බව කී ශ්‍රී ලංකා නායකයා ඔවුන්ට හැකි පමණ තරග
අවස්ථා ලබා දී ඔවුන්ගේ හැකියාවන් තවත් ඔපමට්ටම් කිරීමට වගබලා ගත යුතු බවද
කියා සිටියේය.
තරගමාලාවක් පරාජය වීමෙන් පසුව ක්‍රීඩකයන් තනි තනිව ඉලක්ක කර ගෙන දෝෂාරෝපණ
එල්ල කිරීම අසාධාරණ බවද ජයවර්ධන කියා සිටියේය.
ඔස්ට්‍රේලියාවේදී බොක්සිං දිනයේ හා නව වසරේ ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට ලැබීම
ඉතාමත් සතුටට කරුණක් බවද මහේල ජයවර්ධන වැඩි දුරටත් පවසා සිටියේය.
0 comments:
Post a Comment