Photobucket

Saturday, January 5, 2013

දඹුල්ලේ සිසුන්ට "ගුලි" විකිණූ එජාප ප්‍රා.සභා මන්ත්‍රී දැලේ

දඹුල්ල ප්‍රදේශයේ පාසල් දරුවන්ට මදනමෝදක ගුලි අලෙවි කළ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයෙක්‌ පොලිසිය මගින් (03 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකාර මන්ත්‍රීවරයා සතුව තිබී මදනමෝදක කිලෝ ග්‍රෑම් 15ක්‌ ද පොලිස්‌ භාරයට ගෙන තිබේ. දඹුල්ල පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව ප්‍රධාන පොලිස්‌ පරික්‍ෂක සුදත් කුමාර ඒකනායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක්‌ කළ වැටලීමකදී මෙම මදන මෝදක තොගය දඹුල්ල ප්‍රදේශයේ වෙළෙඳසලක සඟවා තිබියදී සොයාගැනීමට හැකිවිය.

සැකකාර මන්ත්‍රීවරයා සිය හිතවතුන් යොදවා පාසල් දරුවන් ඇතුළු දඹුල්ල ප්‍රාදේශයේ විවිධ පුද්ගලයන්ට මදනමෝදක ගුලි අලෙවි කර ඇති බවට තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් මදන මෝදක ගුලි තොගය රජයේ රස පරීක්‍ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම මදන මෝදක විවිධ වෙළෙඳනාමයන් යටතේ අලෙවි කර ඇති බවද හෙළිවී තිබේ.

මාතලේ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සජීව මැදවත්ත මහතාගේ උපදෙස්‌ මත ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සුදත් කුමාර ඒකනායක, පොලිස්‌ පරීක්‍ෂක කොබ්බෑකඩුව ඇතුළු නිලධාරිහු පරීක්‍ෂණ පවත්වති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all