පදික වේදිකාවේ රජකරගෙන පාණදුර නගරය අරක්ගෙන සිටින පදික වෙළෙන්දන්ගෙන්
මරණීය තර්ජන පාණදුර නගරයේ වෙළෙඳ ප්‍රජාවට එල්ල වී ඇති බව ඉරිදා පෙරවරුවේ
පාණදුර ඩී. ඇස්. සේනානායක මාවතේදී සිදුවූ සිද්ධියකින් අනාවරණය විය.
පාණදුර නගරයේ කලක සිට පවත්වාගෙන යන රට බීම හල් අයිතිකරු හිටපු පොලිස්
නිලධාරියෙකි.
ඔහු තම වෙළෙඳ ව්‍යාපාරික ස්ථානයේ සිට ජනප්‍රිය මාවතේ ගමන් කරමින් සිටියදී
පිහියක් අමෝරාගෙන පැමිණි පදික වේදිකාවේ මාළු වෙළෙන්දකු බෙල්ලට පිහිය තබා තුවාල
කර තිබේ. පිටු පසින් පැමිණි සහසිකයා බෙල්ලට පිහිය තබා අදිනවා බොහෝ දෙනෙක් දැක
ඇත.
කිහිප දෙනෙකු එක්වී රට බීම හල් හිමියා බේරාගත් අතර සහසිකයා පලා ගියේය.
පාණදුර පොලිසියේ පොලිස් කණ්ඩායමක් පැමිණ සැකකරු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට
ගෙන තුවාලකරු රෝහල් ගත කර ඇත.
සැකකරු පාණදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 දක්වා රක්ෂිත
බන්ධනාගාර ගත කෙරිණි.
පාණදුර පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශය පරීක්ෂණ පැවැත්විය.
0 comments:
Post a Comment