නව වසර උදාවට පෙර රාත්‍රියේ අයිවරි කෝස්ට්
රාජ්‍යයේ ‘අබිඩ්ජානි’ ප්‍රදේශයේ රැස්ව සිටි පිරිස අතර හටගත් කලබලයක්
හේතුවෙන් එකිනෙකාට පෑගී හැටඑක් දෙනකු මියයාමේ සිද්ධිය වෙනුවෙන් අයිවරි
කෝස්ට්හි තෙදිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කොට ඇති බව වාර්තා වේ.
‘ප්ලැටු’ දිස්ත්‍රික්කයේ ක්‍රීඩාගාරයක පැවැති ගිනිකෙළි සංදර්ශනයක් අවසන් වීමෙන් පසු පිටව යමින් සිටි ජනකායක් අතර හටගත් කලබලයකින් මියගිය බොහෝ දෙනකු වයස අවුරුදු පහළොවට වඩා අඩු වූවන් බව කියැවේ. සිද්ධිය පිළිබඳව මේ වනවිට විමර්ශනයක්ද අරඹා තිබේ.
0 comments:
Post a Comment