ආන්දෝලනයට ලක්වූ පෙට්‍රල් භාවිතය හේතුවෙන් හානිවූ වාහන හා ඉන්ධන පොම්ප සඳහා
ලබාදුන් වන්දි මුදල් ඉන්ධන සැපයූ සමාගම විසින් පියවීමට එකඟතාව පළකර තිබෙන බව
ඛනිජ තෙල් කර්මාන්ත ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
එම මුළු මුදල ඉදිරි මාස දෙක තුළදී පියවා ගැනීමට කටයුතු කරන බවද හෙතෙම කීවේය.
ඛනිජ තෙල් ආනයනයේදී තෙල් සංස්ථාවට වඩාත් වාසි සහගත මිළ ගණන් අනුව රාජ්‍ය
සමාගම් සමග දිගු කාලීන ගිවිසුම්වලට ගොස් අඛණ්ඩව තෙල් සැපයීමට අවශ්‍ය
ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බව ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉකුත් (31) වැනිදා පැවැති මාධ්‍ය හමුවකදි
ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2013 වසර සදහා ක්‍රියාත්මක කිරීමට සැලසුම්
කීපයක් සකස්කර තිබෙන බවත් ඒ අනුව නවීන වාහන හා යන්ත්‍රසූත්‍රවලට උචිත පරිදි
ප්‍රමිතිගත ඛනිජ තෙල් ලබාදීම සදහා පිරිවිතර තවදුරටත් සකස් කිරීමට පියවර
ගෙන තිබෙන බවත් ඒ මහතා පැවසීය.
තෙල් පිරිපහදුව නවීකරණය සදහා අවශ්‍ය වන අමාත්‍ය මණ්ඩල තීන්දුව ගෙන තිබෙන බව
පවසන ඛනිජ තෙල් කර්මාන්ත ඇමැතිවරයා ඒ අනුව දැනට ඉංජිනේරු ඇස්තමේන්තු සකස්
කරමින් පවතින බව කීවේය.
තෙල් නළ පද්ධතිය අලුතින් එළීමට මේ වනවිට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බවත් ඒ
අනුව 2013 වසරේදී අලුත් නළ මාර්ග 2ක් වරායේ සිට කොළොන්නාව දක්වා ඉදිකිරීමට
සැලසුම් සකස් කර තිබෙන බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.
0 comments:
Post a Comment