Photobucket

Thursday, January 10, 2013

කලකට පසු මැදපෙරදිගට මහ වැසි

සිරියාව ඇතුළු රටවල් කිහිපයක් ගංවතුරට ගොදුරු වේ

ජෝර්දාන කාන්තාරය හරහා දෙවන දිනටත් ධාරානිපාත වර්ෂාව පතිත වී තිබේ. මෙම වර්ෂාවේ බලපැම හේතුවෙන් යුද ගැටුම්වලට මැදිවී ඇති සිරියාව ඇතුළු මැදපෙරදිග දරුණු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.

සිරියාවේ සරණාගතයන්ට ආධාර බෙදා දීමේ නිරතව සිටි සහන සේවකයන් ද වර්ෂාවෙන් හානි වූ කඳවුරු තුළ සිදුවු කලබැගෑනියකදි පෑගී යාමෙන් අනතුරට ලක්වි තිබේ.

මෙම අහිතකර කාලගුණ තත්ත්වය ඊශ්‍රායලයට සහ පලස්තිනයට ද බලපා තිබේ. උෂ්ණත්වය ද පහළ බැස ඇති අතර ඉදිරියේදී හිම පතනයක් ද සිදුවන බව කියැවේ. දරුණු සුළං තත්ත්වය හේතුවෙන් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා ගුවන් තොටුපොළ ද තුන්වන දිනටත් වසා දමා තිබේ.

සිරියාවේ සරණාගතයන් 62,000කට අධික පිරිසක් සිටින ජෝර්දාන කඳවුරු විශාල සංඛ්‍යාවක් ධාරානිපාත වර්ෂාවෙන් විනාශ වි තිබේ.

ලෙබනනයේ හටගත් ක්ෂණික ගංවතුරේ ගසාගෙන යාමෙන් හය මසක බිළිදෙක් මියගොස් ඇත . දසක ගණනාවකට ලෙබනනයට මෙවැනි ධාරානිපාත වර්ෂාවක් බලනොපෑ බව වාර්තා වේ.

දසකයකට පමණ පසුව මැදපෙරදිගට දරුණුම ශීත ඝෘතුවක් බලපැවැත්වෙනු ඇති බවට ද අනාවැකි පළවේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all