Photobucket

Thursday, January 3, 2013

රථවාහන හසුරවමින් සිටි පොලිස් නිලධාරියාගේ කම්මුලට ගැසූ සැකකාරියට ඇප දෙයි

ජා ඇළ නගර මධ්‍යයේ රථවාහන හසුරුවමින් සිටි ජා ඇළ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියකුට මහජනතාව මධ්‍යයේ කම්මුල් පහරක් එල්ල කළ කාන්තාවක් ඉකුත් 25 වැනි දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මීගමුව අධිකරණ මහේස්ත්‍රාත්වරයා විසින් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.

නත්තල් උත්සවයට පෙර දින එනම් 24 වෙනි දින අධික වාහන තදබදයක් පැවැති අවස්ථාවේ මාර්ග නීති කඩ කිරීම ගැන රාජකාරී කිරීමට පොලිස් නිලධාරියා ක්‍රියාත්මක වූ අවස්ථාවේ කුපිත වූ කාන්තාවක් ඔහුගේ රාජකාරියට බාධා කරමින් පොලිස් නිලධාරියාට කම්මුල් පහරක් එල්ල කිරීම නිසා එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

මේ අවස්ථාවේ කාන්තාවගේ දියණියද මෝටර් රථයේ සිට පොලිස් නිලධාරියාට තර්ජනය කර ඇති බවට පැවසේ.

පසුගිය 26 වැනිදා තෙක් කාන්තාව රිමාන්ඩ් භාරයේ පසුවූ අතර මීගමුව අධිකරණයට යළි ඉදිරිපත් කළ අවස්ථාවේ එම කාන්තාවට රුපියල් 10000 ක ශරීර ඇප නියම කරමින් ඇය මුදා හැර ඇත.

අදාළ කාන්තාව ජා ඇළ නිවන්දම ප්‍රදේශයේ තැනැත්තියෙකි.

ජා ඇළ පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කන්දවත්ත මහතාගේ උපදෙස් පරිදි සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති වීරතිලක මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all