ඔස්ට්‍රේලියාව සමග ලබන සතියේ ඇරඹෙන එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගාවලිය
සඳහා කඩුලු රකින ක්‍රීඩක කුෂල් ජනිත් පෙරේරා සහ දඟපන්දු යවන ක්‍රීඩක අජන්ත
මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබේ.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී
ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත්ව සිටි මෙන්ඩිස් කණ්ඩායමට එක්වන්නේ පසුගිය
වසරේ ජනවාරි මාසයෙන් පසුවය. මෙවර අන්තර් සමාජ එක්දින තරගාවලියේ වැඩිම ලකුණු
ලාභියා ලෙස පෙරමුණේ සිටින කුෂල් ජනිත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇත්තේ
ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත්වූ කුමාර් සංගක්කාර වෙනුවටය.
නමුත් පසුගිය නොවැම්බර් මාසයේ දී නවසීලන්තය සමග පැවැති එක්දින තරගාවලියට
සහභාගි වූ තුන් ඉරියව් ක්‍රීඩක චාමර කපුගෙදර සහ පිටදඟ පන්දු යවන තරිඳු කෞෂාල්ට
මෙවර කණ්ඩායමේ ස්ථානයක් හිමිවී නැත. වේගපන්දු යවන සුරංග ලක්මාල්ට ද මේ කණ්ඩායමේ
ස්ථානයක් හිමිවී තිබේ. චානක වෙලගෙදර ආබාධයකට ලක්වීමේ හේතුවෙන් ඔහු
ඔස්ට්‍රේලියාව සමග සිඩ්නි නුවර දී අද ඇරැඹෙන තුන්වැනි ටෙස්ට් තරගයට ද එක්වී
සිටියි.
දෙපිල අතර එක්දින තරග 5ක් සහ විස්සයි20 තරග 2ක් පැවැත්වෙන අතර පළමු එක්දින තරගය
ලබන 11වැනිදා මෙල්බර්න් නුවරදී ඇරැඹේ.
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම මෙසේය– මහේල ජයවර්ධන (නායක), ඇන්ජෙලෝ
මැතිව්ස් (උපනායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, ළහිරු තිරිමාන්න, දිනේෂ්
චන්දිමාල්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා, අකිල ධනංජය, අජන්ත
මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, රංගන හේරත්, කුෂල් ජනිත් පෙරේරා, ශමින්ද
එරංග
0 comments:
Post a Comment