ශීඝ්‍ර බදු ඉහළ නැංවීමකට හා වියදම් කපා
හැරීමට පොළඹවාලන ‘ෆිස්කල් ක්ලිෆ්’ ලෙස හැඳින්වෙන කෙටුම්පත සම්මත කරගැනීම
කල්දැමීමට එළඹී එකඟතාව ඇමෙරිකානු ජනපති බරක් ඔබාමාගේ ප්‍රසාදයට හේතුවී
තිබේ.
මේ කෙටුම්පත කල් දැමීමට සෙනෙට් මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද නව
කෙටුම්පත ඇමෙරිකානු නියෝජිත මණ්ඩලය විසින් සම්මත කරන ලද්දේ ඊට පක්ෂව ඡන්ද
දෙසිය පනස්හතක් ලබා දෙමිනි. මෙම නව කෙටුම්පත මගින් ධනවතුන්ගෙන් අයකරගන්නා
බදු පමණක් ඉහළ නැංවීමට නියමිත අතර වියදම් කපා හැරීමද මාස දෙකකින් කල්දැමෙනු
ඇත.
0 comments:
Post a Comment