Photobucket

Friday, January 4, 2013

නවසීලන්තය ලකුණු 45කට දැවී යයි

දකුණු අප්‍රිකාව සමග කේප් ටවුන් නුවර දී ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තයේ ඉනිම ලකුණු 45කට සීමාවිය. 

මිනිත්තු 100කට පමණක් සීමා වූ නවසීලන්ත ඉනිමේ ලකුණු 10ට වඩා ලැබුවේ කේන් විලියම්සන් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ වර්නන් ෆිලෙන්ඩර් කඩුලු 5ක් දවාලූ අතර ඩේල් ස්ටේන් කඩුලු 2ක් සහ මෝර්නි ‍මෝකල් කඩුලු 3ක් බිඳ හෙලීය.

නවසීලන්ත පිලේ ඩග් බ්‍රෙස්වෙල්ගේ කඩුල්ල දවාලමින් ටෙස්ට් කඩුලු 300 සම්පූර්ණ කිරීමට ඊයේ ‍ස්ටේන් සමත්විය. ඔහු මේ දස්කම පෑවේ සිය 61වැනි ටෙස්ට් තරගයේදීය. 

ඒ අනුව අඩුම ටෙස්ට් තරග ප්‍රමාණයකින් කඩුලු 300 සම්පූර්ණ කළ ලොව තුන්වැනි පන්දු යවන්නා ලෙස තරග 61කදී මැල්කම් මාෂල් සහ රිචඩ් හැඩ්ලි තැබූ සම වාර්තාවට හිමිකම් කීමට ස්ටේන් සමත්විය.
ඊට පෙර ඩෙනිස් ලිලී ටෙස්ට් තරග 56කදිත්, මුත්තයියා මුරලිදරන් ටෙස්ට් තරග 58කදිත් ටෙස්ට් කඩුලු 300 සම්පූර්ණ කර තිබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all