Photobucket

Wednesday, January 9, 2013

කළුතර බෝම්බුවල කඳු මුදුනේ අඩි සියයක බුදු පිළිමයක්

කළුතර - බෝම්බුවල - කඳු මුදුනේ අඩි සියයකට වඩා උස බුද්ධ ප්‍රතිමාවක් ඉදිකිරීමට බෝම්බුවල – ප්‍රදේශවාසීහු සැලසුම් සකස්කරමින් සිටිති.

මුහුදු මට්ටමේ සිට අඩි 520ක් උසින් පිහිටි ස්ථානයක් වන බෝම්බුවල කඳු මුදුනේ රජයේ ඉඩමක් මේ කාර්ය සඳහා මේ වනවිට අදාළ බලධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇතැයි මෙම මහඟු ක්‍රියාව මෙහෙයවන බෝම්බුවල සත්සිළු තරුණ සංවිධානයේ සභාපති “ටී රංග“ මහතා පැවැසීය.

රුපියල් මිලියන හතළිහක් මේ සඳහා වැය කිරීමට ඇස්තමේන්තු කර ඇති අතර, ග්‍රාමසේවා වසම් හයක් නියෝජනය වන බෝම්බුවල ප්‍රදේශවාසීන්ගේ පරිත්‍යාග මුදල් ඒ සඳහා වැඩි වශයෙන් භාවිතා කිරීමට සැලසුම් කර ඇතැයිද මෙම යෝජිත බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීමේ අවසන් කටයුතු සඳහා දෙස් විදෙස් සංචාරකයන්ගේ ආධාර හා පරිත්‍යාග ලබා ගැනීමටද හැකි වෙනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙහි මූලාරම්භක අවස්ථාව වශයෙන් වූ කඳු මුදුනේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම සංකේතවත් කරමින් බෞද්ධ ධජය එම ස්ථානයේ ස්ථාපනය කිරීම පසුගියදා සිදු කෙරුණු අතර එම බෞද්ධ ධජය හා සමඟින් අනු රූ බුද්ධ ප්‍රතිමා වහන්සේ මහත් හරසරින් යුතුව කඳු මුදුනට වැඩම කරවීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all