හොඳින් හැඳ පැළඳගත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු, තමා විදේශසේවා
නියුක්ති කාර්යාංශයේ නිලධාරියකු බවත්, විදේශගතව සිටින පවුලේ සාමාජිකයා
වෙනුවෙන් ලක්ෂ හතරක දිණුමක් ලැබී ඇති බවත්, පසුදින (එම නිවසට පැමිණි දිනට)
දහවල් 12.00 ට පෙර රුපියල් තිස් දහසක මුද්දර සපයා දිය යුතු යැයි ඉල්ලා සිටීමේ
පුවතක් ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙවැනි සිද්ධියකට මුහුණ දීමට සිදුවූයේ ඉංගිරියේ නාගස්මණ්ඩියේ (අවු.32)
කාන්තාවකටය. ඇයගේ සැමියා ලෙබනන් රටේ රැකියාවකට ගොස් දැනට වසර දෙකකි. යතුරු
පැදියකින් පැමිණි මෙම තරුණයා ප්‍රසන්නලාගේ ගෙය මේකදැයි කියමින් නිවසට ගොඩ
වී ඇත.
පසුගිය 19 වැනිදා 3.30 ට විතර බයික් එකකින් ආවේ. සල්ලි මෙදින ලබා දෙන ලෙසත් මුදල්
නොමැතිනම් රන්බඩුවක් හෝ ලබා දෙන්නේ නම් පසු දින රුපියල් තිස් දහස ලබා ගෙන
ඉතිරි මුදල් ආපසු ගෙනැවිත් දෙන බවද කීවා. මේ දිනුම් මුදල කටුනායක මහජන බැංකු
ශාඛාවෙන් ජනවාරි 10 දින ලබා ගන්නට හැකි බව ද කීවා.
“අපිට පිළිගන්න පුළුවන් ලියවිල්ලක් නැහැනේද. ඊටත් විදේශ සේවා කාර්යාංශයේ
නිලධාරීන් මෙවැනි අන්දමින් රන්බඩු ඉල්ලන්නේ නැතැයි ද මා කීවා. මගේ මවද ඒ වේලාවේ
නිවෙසට ආවා. එම අවස්ථාවේ ඔහු ඉංගශ්‍රීසියෙන් ලියූ ලිපියක් හා ජාතික
හැඳුණුම්පත ද පෙන්නුවා. කූට ජාවාරම් කරුවන් සිටින බවත් මෙම සිද්ධිය පිළිබඳව
අපිට කිසිම දැනුම් දීමක් කර නැති බවත් මගේ මව පැවසුවා. තව තවත් මුදල් ඉල්ලා
ඇවිටිලි කළ ඒ තරුණයා ආපසු යන්න ගියේ “මරු ගෙදරකට මං ඇවිත් තියෙන්නේ. රට ගිහින්
හිටියත් හදිසියකට රුපියල් තිස් දහසක් සොයා ගන්න නෑ. මේ චාන්ස් එකක් ඔයාලට
ආයේ ලැබෙන්නේ නැහැ කියමින් ආපසු ගියා. “මගේ දුරකථනයේ මුදල් තිබුණේ නැහැ.
පොලිසියට දුරකථන ඇමතුමක් පවා දීමට නොහැකි වුණා යැයි ඇය පොලිසියට පවසා ඇත.
මේ සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියේ පැමිණිල්ලක් ද සටහන් කර ඇත.
පසුව දැන ගැනීමට හැකිවූයේ මේ ප්‍රදේශයේ විදේශ ගත රැකියාවක ඉන්නේ කවුදැයි
විපරම් කරමින් අසල්වැසියන්ගෙන් තොරතුරු ලබා ගෙන මෙම නිවෙසට පැමිණ ඇති බවයි.
0 comments:
Post a Comment