මේ වසරේ දී විදෙස් සංචාරකයන් දොළොස් ලක්ෂ පනස්දහසක් ( 12,50000) ගෙන්වා
ගැනීම රජයේ ඉලක්කය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
පසුගිය වසරේ දී (2012) මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්ම වු බවද
කාර්යාංශය කියයි.
මේ ඉලක්කය සපුරා ගැනීමට ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක
කිරීමට නියමිත බවත්, ඒ යටතේ ලොව ප්‍රසිද්ධ පුවත්පත්,සඟරා සහ විද්‍යුත් මාධ්‍ය
ආයතනයන්හි මාධ්‍යවේදීන් ගෙන්වා මේ සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් ලබා දීමට
ද සැලසුම් කර ඇති බවද එම කාර්යාංශය පැවසීය.
මේ අතර ලන්ඩන්, බර්ලින්,මොස්කව් හා චීනයේ පැවැත්වීමට නියමිත ‘ලෝක සංචාරක වෙළෙඳ
ප්‍රදර්ශනය’නියෝජනය කිරීමට ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය
අපේක්ෂා කරයි.
0 comments:
Post a Comment