Photobucket

Sunday, December 9, 2012

පාසල් ප්‍රගතිය මසකට වරක් පිරික්සයි

ලබන වසර ආරම්භයත් සමඟ සෑම ජාතික හා පළාත් පාසලක්ම මාසික ප්‍රගති සමාලෝචනයකට භාජනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ මඟින් පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා ‘සිළුමිණ’ ට පැවැසීය.
 
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත්, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට ප්‍රමුඛතාව දීම සඳහාත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කැරේ. 

මේ වනවිට සෑම පළාත් හා ජාතික පාසලකටම 2013 වසර සඳහා ළඟා කරගත යුතු අධ්‍යාපන සැලසුම් ලබාදී ඇති අතර ඒවා සෑම පාසලක් ම අනිවාර්යයෙන් ම ක්‍රියාවට නැංවිය යුතු බවත් මේ මාසික ප්‍රගති සමාලෝචන වාර්තාව ජාතික පාසල් වල විදුහල්පතිවරු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ද පළාත් පාසල් විදුහල්පතිවරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට ද යොමු කළ යුතු බව ලේකම්වරයා කීය.

සුභාෂිණී ජයරත්න
සිළුමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all