සිරියානු ආණ්ඩුව රසායනික අවි ආයුධ පාවිච්චියට සැරසෙමින්
සිටින බව දැක්වෙන රහස් ඔත්තු වාර්තා තමාට දක්නට ලැබුන බව බ්‍රිතාන්‍ය
විදේශ ඇමති, විලියම් හේග් කියා සිටියි.
බී.බී.සිය සමඟ පැවැත්වුන සාකාච්ඡාවකදී අදහස් දැක්වූ විදේශ ලේකම්වරයා, ඊට අදාළ වැඩිමනත් තොරතුරු ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළේය.
එහෙත් රසායනික අවි ආයුධ පාවිච්චි කළොත් උද්ගත විය
හැකි බරපතළ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සිරියානු බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
කිරීම සඳහා, තමන් දුටු සාක්ෂි ඇමෙරිකා එක්සත් ජනපදයට සහ බ්‍රිතාන්‍යයට
ප්‍රමාණවත් බවයි ඔහු පවසන්නේ.
මේ අතර, ගල්ෆ් කලාපයේ ක්‍රියාත්මක වෙන බටහිර යුද
ආරංචි මාර්ග මගින් බී.බී.සියට දැන ගන්නට ලැබුනේ, සිරියාවේ රසායනික අවි ආයුධ
ගුවන් හමුදා කඳවුරු පහක සුදානමින් තබා ඇති අතර, ඒ ගැන බටහිර රාජ්‍ය
විපරමින් සිටින බවයි.
0 comments:
Post a Comment