ඊජිප්තු
ජනපති ‘මොහොමඩ් මොර්සි’ විසින් සිය බලතල පුළුල් කරගැනීමේ උත්සාහයට හා නව
ව්‍යවස්ථා සැලසුමට විරෝධය දක්වමින් ඊජිප්තු ජනපති මන්දිරය ඉදිරිපිට විරෝධතා
රැළි පැවැත්වූ උද්ඝෝෂකයන් හා පොලීසිය අතර දරුණු ගැටුම් හටගන්නා ලද බව
වාර්තා වේ. දස දහසක පමණවූ උද්ඝෝෂක පිරිස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම නිසා
ඔවුන් මැඩ පැවැත්වීමට කඳුළු ගෑස් භාවිතා කිරීමට පොලීසියට සිදුවූ අතර
ගැටුම්වලදී උද්ඝෝෂකයන් දහඅට දෙනෙකු තුවාල ලැබූහ.
මන්දිරය වටලන ලද අවස්ථාවේදී ජනපතිවරයා ඒ තුළ සිට ඇති නමුදු ගැටුම් උත්සන්න වීමත් සමග ඔහු ඉන් පිටව ගොස් ඇති බව කියැවේ.
බි.බි.සී.
0 comments:
Post a Comment