ඕනෑම රටක යහපාලනය ගෙන යැමට නම් ආණ්ඩු පක්ෂය මෙන්ම ශක්තිමත්
විපක්ෂයක් තිබිය යුතුය. විපක්ෂය ශක්තිමත් නොවන්නට පාලකයන්ට
රිසිසේ සිය කටයුතු කරගෙන යැමේ හැකියාව තිබේ.
ශ්‍රී ලාංකීය දේශපාලන ප්‍රවාහය තුළ අසීමිත බලයක් සහිතව බිහිවන ආණ්ඩු වැරැදි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය හැක. ජනතාවට අහිතකර බලපෑම් එල්ල වන ආකාරයට ක්‍රියා කළ හැක. එහෙත් ඊට නිසි ප්‍රතිචාරයක් දක්වා රට යහමගට ගැනීමට ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුය.

අවාසනාවකට මෙන් අද මේ රටේ එවැනි ප්‍රබල විපක්ෂයක් නැත. ඒ
විපක්ෂනායකවරයාගේ වරදක් නිසා යෑයි කිව නොහැක. දිගු කලක සිට
විපක්ෂය දියකර හැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ බව අතීතය
දෙස ආපසු හැරී බැලීමේදී පැහැදිලිය.
විපක්ෂයේ දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ අර්බුද නිර්මාණය කර මහජන ඡන්දයෙන් බලයට පත් වන ඇතැම් මන්ත්‍රීවරු විවිධ වරප්‍රසාද හා වරදානවලට ආණ්ඩුවට ගැනීමත්, පක්ෂ මාරු පනත හරහා ඔවුන්ට ආරක්ෂාව ලබාදීමත් නිසා මෙරට විපක්ෂයේ දේශපාලන පක්ෂ අන්ත අසරණ තත්ත්වයකට පත්විය.
මේ පසුබිම තුළ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය නව බලාපොරොත්තු ඇතිව ජයග්‍රාහී ගමනක ආරම්භයක් තබමින් ඔවුන්ගේ 54 වැනි වාර්ෂික මහා සම්මේලනය පසුගිය 01 වැනිදා පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පවත්වන ලදී.
එක්සත් ජාතික පක්ෂය ආරම්භයේ සිට මේ දක්වා පවත්වන ලද සම්මේලනවලට වඩා 2012 වර්ෂය වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම සම්මේලනය තීරණාත්මක එකක් විය.
පක්ෂ ව්‍යවස්ථාවේ 8 (1) වගන්තිය සංශෝධනය කරමින් නායකත්වය වසර හයකින් දිගුකර ගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාව පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබිණි.
වසර ගණනාවක් තිස්සේ පැවැති නායකත්ව අර්බුදය මෙම යෝජනාවත් සමග තවත් වැඩිවනු ඇති බවට ඇතැම්හු විශ්වාස කළහ.
ඒ විශ්වාසය වඩාත් තහවුරු කරවීමේ උවමනාවෙන් පක්ෂයේම ඇතැම් කොටස් සමහර මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ ලබාදෙමින් සම්මේලනය දිනයේ සිරිකොත භූමිය නැවත යුද පිටියක් වනු ඇති බවට අනාවැකි පළකර තිබිණි.
පසුගිය වසරේ ද නායකත්වය තෝරා ගැනීම සඳහා පැවැති ඡන්ද විමසුමේදී සිරිකොත යුද පිටියක් බවට පත්විය. ඒ අද්දැකීම් ද පදනම් කරගෙන මෙවර සම්මේලනය ක්‍රමවත්ව පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් තිස්ස අත්තනායක ප්රමුඛ ක්‍රියාකාරීහු දැඩි වෙහෙසක් දරා සැලසුම් කරන්නට විය. පසුගිය සම්මේලනවලදී ආසන සංවිධායකවරුන්ට සිය ආසනය නියෝජනය කරමින් පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගි කරවීමට අවස්ථාව තිබුණත් මෙවර එය සීමා කිරීමට ඔවුහු පියවර ගත්හ.
ඒ අනුව පසුගිය කාලයේදී ශාඛා සමිති පිහිටුවමින් පක්ෂය පවරන ලද වැඩකටයුතු සියයට හැට හයක් (66%) සපුරා ඇති සංවිධායකවරුන්ට පාක්ෂිකයන් 40 ක් ද සියයට පනස්පහක් (55%) පමණ ඇති අයට 30 දෙනෙක් ද, පවරන ලද වැඩකටයුතු 55% ටත් අඩුවෙන් සිදුකර ඇති අයට 20 දෙනෙක් ද කිසිදු වැඩකටයුත්තක් සිදු නොකළ අයට එකම පාක්ෂිකයෙක් වත් සහභාගි නොකළ යුතු බවට ද තීරණය කර පක්ෂයේ ජාතික සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති හා අනෙකුත් සංවිධානවලට පෙර පරිදිම සිය නියෝජිතයන් සහභාගී කරවීමට අවකාශය සලසා දී තිබිණි.
එම සැලසුමට අනුව විශේෂ ආරාධනා පත්‍ර 6143 ක් ලබාදී තිබුණ ද සම්මේලනයට එයින් 5315 දෙනෙක් පැමිණ සිටියහ.
පක්ෂ මූලස්ථානය විසින් නිකුත් කරන ලද විශේෂ අවසර පත්‍රය නැති කිසිදු සාමාජිකයෙකුට සම්මේලන භූමියට ඇතුල්වීමට අවසර නොදුන් අතර මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂකයන්ට ගිනි අවි රැගෙන ඒමත් ඒ සාමාජිකයන් පැමිණීමත් සීමා කර තිබිණි.
සිරිකොත අවට එකම ආරක්ෂක වළල්ලක් ලෙස දිස්විය. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීමත් සමග සම්මේලනයේ වැඩකටයුතු ආරම්භ කෙරිණි. එහෙත් අවසන් වනතෙක් ඊට සහභාගි වූවන් තුළ පවා ඊළඟ තත්පරයේ කුමක් සිදුවේද යන්න චකිතයක් ඇතිවන්නට විය.
කෙසේ හෝ සැලසුම් කළ පරිදි නායකත්වයේ ධුර කාලය වසර හයක් දක්වා දීර්ඝ කිරීමේ හා රැඩිකල් ප්‍රකාශය නම් වූ ප්‍රධාන යෝජනා දෙක සම්මේලනයට ඉදිරිපත් කෙරිණි.
රැඩිකල් ප්‍රකාශයට සියල්ලන්ගේ සහයෝගය හිමි වුවද නායකත්වය වසර හයකින් දිගු කිරීමේ යෝජනාවට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විරුද්ධත්වය ප්‍රසිද්ධියේ පළ කර සිටියේය. ඔහුගේ එම විරුද්ධත්වයත් සමග සම්මේලනය එකම ඝෝෂාවක් බවට පරිවර්තනය වන්නට විය. ඒ සියලු ඝෝෂාවන් හා විරෝධතාවන් මඩලමින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්ද විමසුමකින් යෝජනාව සම්මත කර ගැනීමට නායකයෝ පියවර ගත්හ.
ඒ අනුව සිදුකළ ඡන්ද විමසුමේදී සම්මේලනයේ සිටි 5315 දෙනා අතුරින් 4978 දෙනෙක් යෝජනාවට පක්ෂවත්, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, බුද්ධික පතිරණ යන මන්ත්‍රීවරු ප්රමුඛ 337 දෙනෙක් යෝජනාවට විරුද්ධව අත් ඔසවා සිය විරුද්ධත්වය පළ කළෝය.
නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යෝජනාවට විරුද්ධ වුවත් ඔහුට ඒ වෙනුවෙන් හඬ නැගීමටත් විරුද්ධ අයට ඔවුන්ගේ විරුද්ධත්වය පළකිරීමටත් ඇති ප්රජාතන්ත්රවාදී අයිතිය නායකත්වය විසින් ලබාදීම නිසාම පක්ෂයේ සමගිය එකමුතුකම ගොඩනැඟීමේ ආරම්භයක් සම්මේලනයෙන් තැබීමට ඔවුන්ට හැකි විය.
මේ ආරම්භය ආපස්සට හරවා පටු අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ ගන්නා සතුරු බලවේග සිටිය හැක. ඇතැම් මාධ්‍ය සිය වගකීම ඉටුකරනවා වෙනුවට ඉන් ඔබ්බට ගොස් පක්ෂය අභ්‍යන්තරයේ අර්බුද නිර්මාණය වන ආකාරයට ක්‍රියාකළ අයුරු අප දුටුවෙමු. ඒ තත්ත්වය රනිල්, සජිත් ප්රමුඛ එජාප නායකයන් හා සියලු ක්‍රියාකාරීන් විසින් අවබෝධකර ගත යුතුව ඇත. ඒ අනුව පක්ෂයේ සියලුදෙනා විනය ආරක්ෂා කරමින් ඉදිරි ගමන ආරම්භ නොකළොත් ඒ ගමන සාර්ථක නොවනු ඇත.
එක්සත් ජාතික පක්ෂය පසුගිය වසර ගණනාව මුළුල්ලේ පාක්ෂිකයන් හා රට වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරනවාට වඩා ඔවුන්ට සිදුවූයේ පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය විස¹ ගැනීමට කාලය වැය කිරීමටය.
පක්ෂයේ වැඩකටයුතු සාර්ථකව සිදුකෙරෙමින් සිටින බහුතරයකට අභ්‍යන්තර අර්බුදය මහත් හිසරදයක් බවට පත්වී තිබිණි. එහෙත් කිසිවක් නොකරන ඇතැම් සංවිධායකවරු ඇතුළු මන්ත්‍රීවරු අතලොස්සකට එම අර්බුදය තවදුරටත් පවත්වාගෙන යැමට උවමනා වී තිබූ බව පසුගිය කාලයේ ඔවුන් ඇතැම් මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශවලින් සනාථ විය.
මෙම සුළු පිරිස පසුගිය කාලය තුළ ඔවුන්ගේ ආසනවලට ගියේ නැත. පක්ෂය විසින් පවරන ලද වැඩකටයුතු නිසි ලෙස ඉටුකර නැත. ඔවුන් හැම විටම යන එන හැම තැනම ප්‍රධාන මාතෘකාව බවට පත්කර ගත්තේ පක්ෂ නායකත්වය වෙනස් කිරීමය.
නායකත්වය වෙනස් කිරීම සඳහා දියත් කරන අර්බුදය තවදුරටත් ඉදිරියට ගෙන නොයා යුතුය යන පණිවුඩය සම්මේලනය මගින් ලබාදී තිබේ.
එසේ නම් පවරා තිබෙන වගකීම් නිසි ලෙස අවබෝධ කරගෙන සියලු දෙනා පක්ෂය දිනවීමේ ගමන ආරම්භ කළ යුතුය. එහිදී තවදුරටත් නායකත්වය විවේචනය කරමින් කකුලෙන් අදිමින් පක්ෂයේ ඉදිරි ගමන වලකාලීමට යම් සංවිධායකවරයෙක් හෝ ක්‍රියාකාරිකයෙක් කටයුතු කරනවා නම් ඔහුට හෝ ඇයට විරුද්ධව විනය අකුරටම ක්‍රියාත්මක කර දඬුවම් දිය යුතුය. නායකත්වය හෝ පක්ෂයේ වගකිව යුතු අංශ ඒ සඳහා පියවර නොගන්නේ නම් නායකත්වය වසර හයකට දිගුකර ගැනීමෙන් හෝ නව සැලසුම් දියත් කිරීමෙන් කිසිදු පලක් නොවනු ඇත. ඉදිරි වසර හය සම්පූර්ණ වන දිනය වන විටත් එ.ජා.ප. යට නායකත්ව අර්බුදයේ සිරවී සිටීමට සිදුවනු ඇත. ඒ නිසා ඉදිරි වසර හය වැඩ කරන වසර හයක් බවට පරිවර්තනය කරගෙන ක්‍රියාකළ යුතු කාලය දැන් එළඹ තිබේ.
ගෙවීගිය වසර කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට එරෙහිව විවිධ උද්ඝෝෂණ හා විරෝධතා දියත් කළා සේම පක්ෂයේ සංවිධාන ජාලය ශක්තිමත් කිරීම සඳහා සියලු සංවිධායකවරු හා ක්‍රියාකාරීන් අතර වගකීම් බෙදාහරිමින් සැලසුම් දියත් කරන ලදී.
එහෙත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ගෙන ගිය එම වැඩපිළිවෙළ ආඬි හත්දෙනාගේ කැඳහැළිය බවට පත්ව තිබිණි.
පක්ෂ නායකයාට පමණක් සියල්ල කළ නොහැක. කැඳ හැලියට හාල්මිටක් දමනවා වෙනුවට වතුර පමණක් දැමීමෙන් කැඳ ලබාගත නොහැක. හැමෝටම බොන්න සිදුවන්නේ වතුරය. තවදුරටත් කැඳ හැලියට හැමෝම වතුර දමනවා වෙනුවට හාල් මිටක් දමමින් නිසි ඵල නෙලා ගැනීමට සියලු දෙනා තීරණය කළ යුතු කාලය එළඹ ඇත.
වසරින් වසර පක්ෂ නායකත්වය තෝරනවා වෙනුවට වසර හයකට එහි කාලය දිගුකර ගැනීමත් රැඩිකල් ප්රකාශනය ඔස්සේ අඛන්aඩව ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළකට අවතීරණය වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා තවදුරටත් ආඬි හත්දෙනා කැඳ හැදුවා සේ ක්‍රියා නොකර අවංකව එක අරමුණකින් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාකළ යුතුව ඇත.
එලෙස එකමුතුව ක්‍රියා නොකරන තෙක් විධායක ජනාධිපති බලතල තුළින් ගොඩනැගී තිබෙන වත්මන් පාලනය වෙනස් කිරීම හෝ එයට අභියෝගයක් එල්ල කිරීමට නොහැකි වනු ඇත. එම ගමන සාර්ථක කර ගැනීමට නම් රනිල්, සජිත් ප්රමුඛ සියලු දෙනා සම්මේලනයෙන් ලද පණිවුඩය ආදර්ශයට ගෙන එක වේදිකාවක සිට ගමන ආරම්භ කළ යුතුව ඇත. විවිධ මතවාද හා ගැටුම් හේතුවෙන් බෙදී වෙන්වී සිටි පිරිස ඒ සියල්ල අමතක කර පක්ෂය හා පාක්ෂිකයන් ගැන සිතා තම ආසනවලට නායකයා කැඳවාගෙන ගොස් එක් අරමුණක් ඇතිව ක්‍රියාකළ යුතුව තිබේ.
සම්මේලනයේදී පාක්ෂිකයන් ලබාදුන් පණිවුඩය නිසි ලෙස අවබෝධ කර ගෙන සතුරු බලවේගවලට ඉස්මතුවී පක්ෂය විනාශ කර දැමීමට ඉඩ නොදී සමගි සම්පන්න ගමනක් එක්සත් ජාතික පක්ෂයේ නායකයන් නොපමාව ආරම්භ නොකළොත් එ.ජා.ප. ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට තවත් දශක කිහිපයක් ගතවෙනු ඇත.
පියසේන දිසානායක

0 comments:
Post a Comment