විශේෂ කාරක සභාවේ කටයුතුවලට බාධාවක් නෑ
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඇති දෝෂාභියෝගය විමර්ශනය කිරීමේ විශේෂ තේරීම් කාරක සභාවෙන් විපක්ෂයේ නියෝජිතයන් ඉවත්වීමත් අගවිනිසුරුවරිය ඊට නොපැමිණීමත් හේතුවෙන් මෙම අර්බුදය තවත් උග්‍ර තත්ත්වයට පත්ව ඇත.

කමිටුවේ කාල සීමාව දීර්ඝ නොකිරීම, අගවිනිසුරුවරියට අපහාස වන
පරිදි මන්ත්‍රීවරුන් හැසිරීම, සාක්ෂිකරුවන්ගේ ලේඛනයක්
ඉදිරිපත් නොකිරීම හා නිවැරැදි න්‍යාය පත්‍රයක් හෝ
ක්‍රමවේදයක් සහිතව කාරක සභාව පවත්වා ගෙන නොයැම යන කරුණුවලට
කමිටුවෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව පවසමින් විශේෂ කාරක
සභා නියෝජිතයන් වන ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල,
විජිත හේරත් හා ආර්. සම්බන්ධන් යන විපක්ෂයේ මන්ත්‍රීවරු
කමිටුවෙන් ඉවත්ව ගියහ.
එමෙන්ම විශේෂ කාරක සභාව පිළිබඳව තමන්ට විශ්වාසයක් නැතැයි කියමින් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ද සභාවට පැමිණීමෙන් වැළකී සිටියාය.
මේ නිසා කමිටුව ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පමණක් ඉකුත් දින දෙකේදී රැස්ව සාක්ෂි විභාග කිරීම් සිදු කරනු ලැබීය.
කමිටු වාර්තාව කඩිනමින් කථානායකවරයාට භාර දීම සැලසුම් කර අති අතර එය භාර දී මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය. එසේ විවාද කොට සම්මත කරගත් වහාම අගවිනිසුරුවරිය සම්බන්ධව අවසන් තීන්දුව ගැනීම සඳහා වාර්තාව ජනාධිපතිවරයා අතට පත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත් මේ සම්බන්ධව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතාගෙන් zදිවයින ඉරිදා සංග්‍රහයZ කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ව්‍යවස්ථාවට අනුව විශේෂ කාරක සභාවේ සාමාජිකයන් සියයට 50 ක් සිටී නම් එහි ගණ පූර්ණය සම්පූර්ණ බවත් කමිටුව තවදුරටත් පවත්වාගෙන යැමට කිසිදු බාධාවක් නැති බවත් ය.
කමිටුව තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද ප්‍රමාණවත්ද යන්න එම කමිටු සභාපතිවරයා විසින් තීරණය කරනු ඇති බවත් නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අජිත් අලහකෝන්, රනිල් ධර්මසේන
දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment